හැමදාම දුරකථන නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් විසින් පසුපස හඹායන රැල්ලට නොගොස්, උඩුගම් බලා යෑමේ පුරුද්ද LG සමාගම සතුව තිබෙනවා. 3D ඩිස්ප්ලේ එකක් සහිත Optimus 3D ලෙසින් එක වරක් දුරකථනයක් නිකුත් කල අතර ඉන්පසු විවිධාකාරයේ gadgets දුරකථනයට සවිකල හැකි LG G5 තවත් වතාවක ඔවුන් හඳුන්වාදුන්නා. සෑම නිෂ්පාදකයෙකුම Dual Screen සහිත දුරකථන නිකුත්වන කාලයක, ඒ වෙනුවට සුපුරුදු පරිදි වෙනස් විදියේ දුරකථනයක් මේ වන විට නිළ වශයෙන් හඳුන්වාදී තිබෙනවා. ඒ, කරකවන්න පුලුවන් ෆෝන් එකක් හෙවත් LG Wing 5G.
අඟල් 6.8ක P-OLED FullVision එකක් සහිත මේ දුරකථනයේ, ඔබට අවශ්‍ය වූ විට උඩට හෝ යටට අංශක 90ක් කරකවන්න පුලුවන්. එවිට යටින් තිබෙන ඩිස්ප්ලේ එක පෙනෙන්නට ගන්නවා. මේ ඩිස්ප්ලේ එක 1080p එකක් වන අතර පහලින් තිබෙන display එක අඟල් 3.9ක එකක්. ඔබට අවශ්‍ය නම්, ප්‍රධාන තිරයේ YouTube වීඩියෝවක් බලන ගමන්, පහලින් ඇති දෙවැනි ඩිස්ප්ලේ එකේ මැසේජ් යවන්න පුලුවන්කම තිබෙනවා. එසේත් නැතිනම්, වාහනේ යන ගමන් ගූගල් මැප් එක විවෘත කරලා, මිතුරෙකුට වීඩියෝ කෝල් එකක් ගන්න දෙවැනි ඩිස්ප්ලේ එක යොදාගන්න පුලුවන්.
කැමරාව බැලුවොත්, 32MP සෙල්ෆි කැමරාව pop-up එකක් ලෙස ඔවුන් යොදාගන්න තීරණය කරලා තියෙනවා. පසුපස ප්‍රධාන කැමරාව වන්නේ 64MP එකක් වන අතර, Ultra-Wide කැමරා දෙකක් ඔවුන් යොදාගෙන තිබීම තවත් අමුතුම තාලයේ වැඩක්. එකක් මෙගාපික්සල් 13ක් හා අනෙක් කැමරාව මෙගාපික්සල් 12ක්. මෙයින් දෙවැනි 12MP ultrawide කැමරාව gimbal කැමරාවක් ලෙස වැඩ කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වෙනුවෙන්, කැමරා ඇප් එකේ විශේෂ option එකක්ද ලබාදී තිබෙනවා.
Snapdragon 765G චිප්සෙට් එක තිබෙන නිසා, performance අතින්ද මෙම දුරකථනය හොඳ මට්ටමක ඉන්නවා. එවගේම, ඒ චිප්සෙට් එක නිසාම මේ දුරකථනයට 5G සංඛ්‍යාත සමඟව වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. 8GB RAM මතකයක් හා 256GB අභ්‍යන්තර ප්‍රධාන මතකයකින් සමන්විත මෙයට 2TB දක්වා microSD කාඩ් දාන්නත් පුලුවන්. එකී නොකී වැඩ ගොඩක් තමන්ට හිතෙන පරිදි කරගන්න හැකියාව තිබෙන මේ දුරකථනයේ මිළ නම් තවම කියන්න බෑ. මේ දුරකථනය අමෙරිකාවට ප්‍රථමයෙන් නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලයි සමාගම පවසන්නේ.
LG සමාගම විසින් මෙම දුරකථනය වාර ලක්ෂ දෙකක් “කරකවන්න” පුලුවන් කියලයි කියන්නේ. එවගේම, මේ දුරකථනය සාර්ථක වුණත්, අසාර්ථක වුනත්, ඉදිරියටත් මේ ආකාරයේ දුරකථන නිපදවන බව ඔවුන් කියා තිබෙනවා.
:format(webp):no_upscale()/cdn.vox-cdn.com/uploads/chorus_asset/file/21879512/Lifestyle_VoiceBokeh_GettyImages_672162177_LG_Wing.jpg)
Discussion about this post