කෙසෙල් ගෙඩියක් මිලට ගැනීමට ආ පාරිභෝගිකයකු විසින් එහි මිල සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් පසු බියර් බෝතලයකින් ඇන තුවාල සිදු කිරීමෙන් කුරුණෑගල හෝටලයක සේවකයකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම හෝටලයට පැමිණි සැකකරු කෙසෙල් ගෙඩියක් මිලදී ගැනීමට ගොස් ඇති අතර එහි මිල රුපියල් තිහක් බව අසා දැඩි ලෙස උරණ වී ඇති බව පැවසේ.
ඒ හේතුවෙන් හෝටල් හිමියා සහ සේවකයන් සමඟ දබර වී ඇති සැකකරු තර්ජනය කරමින් හෝටලයෙන් පිටවී ගොස් විනාඩි කිහිපයකට පසුව අඩක් හිස් කළ බියර් බෝතලයක්ද සහිතව යළි හෝටලයට පැමිණ ඇත.
සැකකරු යකඩ වැටක ගසා බියර් බෝතලය බිඳ ආපනශාලා හිමිකරුට පළමුව ඇන ඉන් අනතුරුව හෝටල් සේවකයාටද බෝතලයෙන් ඇන ඇති අතර බෝතල් පහරින් බරපතළ තුවාල ලැබූ සේවකයා රෝහලට රැගෙන යන විටත් මරුමුවට පත් වී සිටි බව පොලිසිය සඳහන් කරයි.
ස්තූතිය – Newsi
Discussion about this post