කිලිනොච්චිය, අම්බාල්කුලම වැවේ තිබී කාන්තා මළ සිරුරක් අද (9) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
ප්‍රදේශ වාසීන් දුන් තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගෙන තිබේ.
මළ සිරුර ආසන්නයේ බෑගයක තිබී ජාතික හැඳුනුම්පතක් හමුවී ඇති අතර එය වයස අවුරුදු 37ක් වන කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇත.
පොලිසිය පැවසුවේ, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිත බවය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
එන්. ප්‍රියදර්ශනී – වවුනියාව
Discussion about this post