Instagram ළඟදීම TikTok බවට පත්වේ?

‍කාලයෙන් කාලයට ෆේස්බුක් සමාගමට විවිධ තරගකරුවන් පැමිණෙනවා. සමාජ ජාල විදියට. ටික්ටොක් ඇප් එක මගින් අලුත්ම සමාජ ජාල ක්‍රමයක් බිහිවුනා. ඉතාමත්ම ජනප්‍රිය ලෙස එය මේ වන විට තරුණ තරුණියන් අතර තිබෙනවා.

ඉතින් ෆේස්බුක් සමාගම මෙය සමග තරග කිරීමට ඉන්ස්ටග්‍රැම් යොදාගැනීමට තීරණය කර තිබෙනවා. දැනටම ඉන්ස්ටග්‍රෑම් වල තිබෙන ස්ටෝරීස් වලට මේ අලුතෙන් එක් කරන්න යන විශේෂාංගය මගින්, ටික්ටොක් වීඩියෝ එකක් ලෙසම, තත්පර 15ක වීඩියෝ එකක් කරන්න පුලුවන්. මෙය Reels (රීල්ස්) ලෙස ඔවුන් නම් කර තිබෙනවා.‍‍

මේ වීඩියෝ එකට අවශ්‍ය සංගීත කණ්ඩයද ලේසියෙන් සොයාගන්න පුලුවන් වෙන්න ඔවුන් හදලා තිබෙනවා. ජනප්‍රිය ගීත වලින් කොටස් හෝ, ඔබට අවශ්‍ය ගීත කොටසක් හෝ ශබ්ද එයට එකතු කරන්න පුලුවන්.

Reels මගින් TikTok වීඩියෝ එකක් ලෙසම, තත්පර 15ක වීඩියෝ එකක් කරන්න පුලුවන්

දැනට බ්‍රසීලයේ රිල්ස් විශේෂාංගය ඔවුන් පරික්ෂණ මට්ටමේ කරගෙන යමින් තිබෙනවා. ඔවුන් පවසන පරිදි එයට බොහෝදෙනාගේ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබට මතක නම්, ‍ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වලට ස්ටෝරීස් ලැබුනේ, ස්නැප්චැට් සමාගම එය සිදුකිරීමත් සමග. බොහෝ දෙනෙක් අකමැති වුනත් මේ වන විට ස්නැප්චැට් භාවිතාකරන්නන් බොහෝ පිරිසක් එය නවතා ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් භාවිතා කරන තත්වට පත්ව තිබෙනවා.

එලෙසෙම මේ විශේෂාංගය ලොවපුරා පරිශීලකයන්ට ලබාදුන් පසු ටික්ටොක් ඇප් එකටත් ස්නැප්චැට් එකට වුන දේ සිදුවේවිද?

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: