හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ වර්මොන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අලුත් ඇල්ගොරිදමයක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් පීඩනයට ලක්වී සිටින, දුකින් ඉන්ස්ටග්‍රෑම් වල ඉන්න පුද්ගලයන් අඳුනගැනීමට පුලුවන්වී තිබෙනවා. ඔවුන් පවසන පරිදි මානසික පීඩනයකට ලක්වී සිටින පුද්ගලයන් පලකරන ඡායාරූප හොඳින් ඉන්න පුද්ගලයන්ගේ ඡායාරූපවලට වඩා අඳුරු පැහැයකින්ලු පලකරන්නේ. ඒ විතරක් නෙවෙයි. නිල් සහ අලු පාට වර්ණ වැඩිපුර භාවිතා කරන්නේද දුකින් ඉන්න පුද්ගලයන් බව මේ පර්යේෂණය පෙන්වා දෙනවා. මේ පුද්ගලයන් පලකරන ඡායාරූපවලට අඩු ලයික්(Like) ප්‍රමාණයක් ප්‍රමාණයක් ලැබීමත් ඒ පුද්ගලයා අඩු මානසික මට්ටමකින් ඉන්න බවට සාධකයක් බව ඔවුන් පවසනවා.
මේ පර්යේෂණය සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වූ 100 දෙනෙක් අතරින් ඡායාරූප 40,000ක් ගෙන තිබෙනවා. දුකින් ඉන්න පුද්ගලයන් වැඩිපුරම තමන්ගේ ඡායාරූප වලටත් වඩා අනෙක් අයගේ ඡායාරූප පලකරන බවත් මෙහිදී හෙලීවී තිබෙනවා. නමුත් ඔවුන් ගන්නා ඡායාරූපවල පෙනී ඉන්න මුහුණු සංඛ්‍යාව, හොඳින් ඉන්න පුද්ගලයන් ගන්නා ඡායාරූපවල පෙනී ඉන්න මුහුණු ගණනට වඩා බෙහෙවින් අඩුයිලු.
Discussion about this post