• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

ඉන්දියාවේ Huawei සේවකයන් 70%ක් ඉවතට – ආදායම් ඉලක්කයද 50%කින් කපයි

July 28, 2020
in තාක්ෂණය
0
ඉන්දියාවේ Huawei සේවකයන් 70%ක් ඉවතට – ආදායම් ඉලක්කයද 50%කින් කපයි
67
SHARES
Share on FacebookShare on Twitter

ලොව දැවැන්තම තාක්ෂණික සමාගමක් වන හුවාවේ සමාගම විසින්, ඉන්දියාවේ 2020 වර්ෂය සඳහා අපේෂා කර තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය 50%කින් අඩු කර තිබෙනවා. එලෙසම, සමාගමේ ඉන්දියාව පුරා සිටි සේවකයන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් ඉවත් කර ඇති බව Economic Times පුවත්පත අනාවරණය කරනවා.

ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය සහිත රටවන ඉන්දියාව වෙනුවෙන් 2020 වර්ශයේ ආදායම ලෙස ඩොලර් මිලියන 700-800ත් අතර ගණනක් අපේක්ෂා කර තිබුණත්, මේ වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 350-500ත් අතර ප්‍රමාණයකට ඔවුන් කපා හැර ඇති බව එකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසනවා.

ගෝලීය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සහ පර්යේෂණ සහ සංවර්ධන පිළිබඳව සිටි පුද්ගලයන් හැර අනෙකුත් ඉන්දියානු සේවකයන්ගෙන් 60%-70%ත් අතර ප්‍රමාණයක් ඉවත් කර ඇති බවත් එම වාර්තාවෙන් හෙළිකර තිබෙනවා.

Huawei හි ඉන්දියානු ඒකකය පැවසුවේ රටේ සියලුම ගනුදෙනුකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බවයි. “අපගේ ඉන්දියානු මෙහෙයුම් සහ සම්පත් ශක්තිමත් දේශීය කුසලතාවන්ගේ සහාය ඇතිව නිර්මාණය කර ඇත්තේ ඕනෑම පාරිභෝගික අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ය.”

Huawei ඉන්දියා සමාගම විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සිටියේ අඩකට වඩා ඉවත් කර ඇති බවට පලවන වාර්තා සත්‍ය නොවන බවයි. නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක්ද සිදු කර නැහැ.

ඉන්දු-චීන දේශ සීමාවේදී ඉන්දීය හමුදා භටයන් 20 දෙනෙක් චීන හමුදාව විසින් පසුගිය මාසයේ ඝාතනය කිරීමෙන් අනතුරුව ඉන්දියාව තුල දැඩි චීන විරෝධීත්වයක් පටන්ගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට චීන App ඉතා විශාල ප්‍රමාණයක්ද තහනම් කිරිමට කටයුතු කර තිබෙනවා.

හුවාවේ සමාගමට ඉන්දියාව තුළද මෙවැනි තත්වයක් උදාවී ඇත්තේ ඇමරිකාවද, හුවාවේ සමාගම විසින් ඔවුන්ගේ “Entity”  ලැයිස්තුවට ඇතුලත් කර ඇති කාලවකවානුවකයි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: ChinahuaweiIndia
Next Post
ඉන්ටවිව් යන්න බයද? මේ පොයින්ට්ස් ඔලුවේ තියන් ගියොත් ජොබ් එක ගොඩේ ගොඩ

ඉන්ටවිව් යන්න බයද? මේ පොයින්ට්ස් ඔලුවේ තියන් ගියොත් ජොබ් එක ගොඩේ ගොඩ

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In