බළන්ගොඩ කරව්කැටිය ප‍්‍රදේශයේ නිවසක විසූ අවුරුදු 84ක් පමණ වයසැති කාන්තාවකගේ නිවසේ කාමරයට ගිනිතබා ඇයට බරපතළ තුවාල සිදුකළ ඇයගේ 42 හැවිරිදි මුනුබුරෙකු මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මෙම සැකකාර මනුුබුරා තදින් මත්පැනට ඇබ්බැහි වූ අයෙකු බවත් ඔහු මෙම මිත්තණියගෙන් මත්පැන් ගැනීමට මුදල් ඉල්ලා ඊට ප‍්‍රතිචාර නොදැක්වූ නිසා ඇය නිදාසිටි කාමරයට ගිනිතබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. හරියාකාරව ඇවිද ගැනීමටවත් නොහැකිව මහලූ වයසේ පසු වූ මෙම කාන්තාවගේ කෑගැසීම ඇසී අසල්වැසි නිවැසියන් පැමිණ ඇය බේරාගෙන රෝහල් ගතකර ඇත. වීරල් තාරාන් නැමැති මෙම මහලූ කාන්තාව මේ වන විට බළන්ගොඩ මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් පොලිසියේ ස්ථානාධිපති උ.පො.ප. මහින්ද මහතා සඳහන් කළේය. බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. බී.එම්.ආර්.කේ. බාලසූරිය මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කළේය.
බළන්ගොඩ – එන්.එච්. පියසේන
Discussion about this post