කොවිඩ් ප්‍රතිකාරයක් ලෙස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද ඖෂධයට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ කොවිඩ් රෝගීන්ට ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක අධීක්ෂණය යටතේ ඊයේ එම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට විශාල ජනකායක් පැමිණිමත් සමඟ එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලෙකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ධම්මික බණ්ඩාර වෙදමහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
Discussion about this post