YouTube, Gmail සහ Google Docs සේවාවන් ලංකාවද ඇතුළු ලොවපුරා මිලියන සංඛ්‍යාත පිරිසකට පිවිසීමට නොහැකි වී තිබෙනවා.
ලංකාවේ වේලාවෙන් සවස 5 පමණ සිට මෙම සේවාවන් බිඳ වැටී ඇති බවයි DownDetector වෙබ් අඩවිය වාර්තා කරන්නේ
මෙම ගැටලුව ලංකාව, ඉන්දියාව, යුරෝපයේ රටවල්, ඔස්ට්‍රේලියාව මෙන්ම ඇමරිකාවේද පුද්ගලයින්ටද එකවර මුහුණ දීමට සිදුවී තිබෙනවා
මෙම බිඳවැටීම සියලුම ගූගල් සේවාවන්ට බලපෑමක් විය හැකි බවයි ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවිය සඳහන් කර තිබෙන්නේ.
මේ පිළිබඳ කරුණු විමසීම සඳහා ගූගල් සමාගම සම්බන්ධ කරගැනීමට බීබීසී ලෝක සේවය උත්සහ දරා තිබෙනවා
එහිදී එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඔවුන්ටද ඊමේල් ඇතුළු සේවා රැසකට පිවිසීමට නොහැකි වී ඇති බවයි
Discussion about this post