ඉස්සර ඉතින් ෆොටෝ ගහන්න දැන් වගේ ඩිජිටල් කැමරා නෑනේ. සේයාපට දාලා ඡායාරූප ගන්න කැමරා තමයි තිබුනේ. ඒවා හැම එකක්ම මුද්‍රණය කරලා එක්කෝ ලැමිනේටින් කරලා නැත්නම් ඇල්බම් එකක දාලා අපි හැමෝගේම ළඟ තියෙනවා. මේ ඡායාරූප අන්තර්ජාලයේ හෝ පරිඝනකයේ තියාගන්න අපි කලේ ෆෝන් එකෙන් හෝ ඩිජිටල් කැමරාවකින් නැවත ඒකේ ඡායාරූපයක් අරගන්න එක. නැත්නම් ස්කෑනරයක් මඟින් ස්කෑන් කරන එක. මේ මොන ක්‍රමයකින් ඒ ඡායාරූපවල ෆොටෝ ගැහුවත් ඔයාලට අත්දැකීම් තියෙනවනම් දන්නවා ෆ්ලෑෂරය හෝ ඉර එළිය වැටුනම දිළිසෙන බව. ඉතින් මේ වදකාර වගේම අසාර්ථක ක්‍රමයට විසඳුමක් ගූගල් සමාගමෙන් ඇප්ලිකේෂණයක් මඟින් ලබාදුන්නා.
මෙමඟින් ගන්න ඡායාරූප එලෙසින්ම කැමරාවේ සටහන් කරගන්න පුලුවන් වෙනවා. විවිධ කෝණ කීපයකින් ලබාගන්න ෆොටෝ එක තනි ඡායාරූපයක් විදියට සකස් කරගන්නා නිසා ඡායාරූපයේ දිලිසෙන ගති ආදිය සහමුලින්ම නැතිවෙනවා.
එවගේම ඒ පැරණි ෆොටෝ වලට හානියක් නොවී අලුත් පෙනුමක් ලබාදෙන්නටත් මේ ඇප්ලිකේෂණයට පුලුවන් වෙනවා. විවිධාකාරයේ “looks” 12ක් දැනට ෆොටෝ ස්කෑන් තුළ තිබෙන අතර යාන්ත්‍රික බුද්ධිය(machine intelligence) භාවිතා කරලා ඒවාට අලුත් පෙනුමක් ලබාදෙන්නට පුලුවන්.
Google Photos ඇප්ලිකේෂණයට මේ අලුත් ෆොටෝ ස්කෑන් පහසුකම ඇතුලත් කරලා තියෙනවා. එවගේම ඇන්ඩ්‍රොයිඩ් සඳහා ප්ලේ ස්ටෝ තුළිනුත්, අයිඕඑස් සඳහා ඇප් ස්ටෝ එක තුළිනුත් ෆොටෝ ස්කෑන් ඇප්ලිකේෂණය ලබාගන්නට පුලුවන්.
[wpdevart_youtube]MEyDt0DNjWU[/wpdevart_youtube]
Discussion about this post