ගූගල් ආයතනය විසින් ඊයේ දිනයේදිී ඉන්දියාව තුල නව විශේෂාංගයක් එළි දක්වනු ලැබු අතර එය People Card ලෙස හදුන්වයි. මෙය භාවිතා කොට තමන්ට virtual visiting card එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබේ. ඔබගේ නම ගූගල් තුල සෙවු පසු මෙය අදාල සොයන්නාට දිස්වන අතර මෙය තුල ඔබගේ ජායාරූපයක්, කෙටි හැදින්වීමක්, ඔබගේ social media links, වෙබ් අඩවි හා ඔබ වැඩ කරන ස්ථානයත්, ඔබ ඉගෙනුම ලැබු ස්ථානයත් වැනි දත්ත ඇතුලත් කල හැක. ඔබ ගූගල් තුල යම්කිසි ජනප්‍රිය කෙනෙකුගේ, අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නමක් සෙවූ විට ඔහුගේ විස්තර සහ ජායාරූප දැක්වෙන කාඩ්පතක් දකුණු පැත්තෙන් දැකගන්න ලැබෙනවා. People Card මගින් ලබා දෙන සේවයත් එයට බොහෝ සෙයින් සමාන වේ.
ගූගල් සමාගම පසුගිය වසර කිහිපය තුළම මෙම අංගය අත්හදා බැලූ බව පැවසෙන අතර මෙම වසර මුලදී XDA ආයතනයේ සේවකයින් විසින් එය මුලින් ක්‍රියාවට නංවා ඇත. අපි අපේම කාඩ්පත් හදන බැවින්, එය අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා යම් යම් ආරක්ෂණ ක්‍රම භාවිතා කර ඇත. ඔබට ගූගල් ගිණුමකට එක් ‘පීපල් කාඩ්’ එකක් පමණක් සෑදිය හැකි අතර ඒවා ඔබගේ දුරකථන අංකය හරහා verify කිරීමට අවශ්‍ය වේ.
දැනට People Card භාවිතා කල හැක්කේ ඉන්දියාව තුල පමණක් වන අතර, VPN එකක් භාවිතා කර අපගේ කාඩ්පත සදා ගැනීමේ හැකියාව තිබුණද එම සාදන කාඩ්පත දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉන්දියාවේ සිටින පුද්ගලයින්ට පමණක් වේ.
මෙය අනිත් රටවල් තුලත් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මෙම කාඩ්පත් මිලියණ ගණනක් නිර්මාණය වන නිසා යම්කිසි ව්‍යාජ හෝ විහිළුවට සෑදු කාඩ්පතක් ඔබ දුටුවොත් ඔබට එය report කිරීමේ හැකියාවද Google විසින් ලබා දී ඇත. එසේම ඔබගේ කාඩ්පත ඔබට අවශ්‍ය ඕනෑම වේලාවකදි ඉවත් කිරිමේ හැකියාවද ඔබට ඇත.
Discussion about this post