අප්‍රේල් සහ සැප්තැම්බර් කාලය අතර ෆේස්බුක් සමාගම ෆේක් එකවුන්ට්(බොරු නම් වලින් සාදන ලද) බිලියන 1.5ක් ඉවත් කර තිබෙනවා. එවගේම සමාජ ජාලයේ හුවමාරු වෙමින් තිබූ ස්පෑම් බිලියන 2.1ක් කොටස්ද ඔවුන් මෙලෙස් සම්පූර්නයෙන්ම ඉවත්කර තිබෙනවා.
විවිධාකාරයේ බලපෑම් හා ගැටලු රැසක් පැන නැගීමෙන් අනතුරුව ෆේස්බුක් අඩවියේ නීතී හා රෙගුලාසි රැසක් අලුතෙන් එක් කර, නිර්වස්ත්‍ර සහ අසභ්‍ය දෑ, අපහාස කරන දෑ, ත්‍රස්තවාදී ක්‍රියා වගේ දේවල් තිබෙන එකවුන්ට් සහ, එකම පුද්ගලයාට එකවුන්ට්ස් කීපයක් තිබෙනවානම් හෝ එවැනි අනවශ්‍ය එකවුන්ට් ෆේස්බුක් සමාගම දැන් දිගින් දිගටම ඉවත් කර යමින් පවතිනවා.
ඔවුන් හට සැකයක් සිතුනොත්, එකවුන්ට් එක අයිති පුද්ගලයාගේ සත්‍ය තොරතුරු තහවුරු කරගැනීමටද ඔවුන් දැන් කටයුතු කරනවා.
Discussion about this post