Facebook, Whatsapp හා Instagram හරහා මුදල් ගෙවීමට Facebook Pay නමින් අලුත් සේවාවක්

Apple Pay, Paypal සහ Google Play වැනි Payment gateway සේවාවන් වලට ආදේශකයක් ලෙස Facebook සමාගම විසින් Facebook Pay නමින් නවතම සේවාවක් ආරම්භ කරන බවට පසුගියදා නිවේදනය කලා.

Facebook Pay භාවිතයෙන් ඉතා පහසුවෙන්, ඒ වගේම ඉතා ආරක්ෂිතව Facebook, Instagram සහ Whatsapp තුල payments කිරීමට ඔබට අවස්ථාව සැලෙසෙන අතරම, අනාගතයේදි ලොව ප්‍රසිද්ධ අනිකුත් වෙබ් අඩවි තුලත් Facebook Pay භාවිතා කර payments කිරිමට හැකි වෙන බවත් වාර්තා වෙනවා.

‍මේ වනවිට මුලිකවම ඇමරිකාව තුල පමණක් ක්‍රියාත්මක වෙන මෙම Facebook Pay සේවාව ඉදිරි සති කිහිපය තුල ලෝකයේ අනිකුත් පරිශිලකයින්ටත් භාවිතා කිරිමට හැකි වන බව Facebook ආයතනය වැඩි දුරටත් වාර්තා කරලා තියෙනවා. Facebook Pay සේවාව භාවිතා කර Facebook Marketplace එක තුල භාණ්ඩ මිලදී ගැනීමටත්, in-game purchases, event tickets වැනි සේවාවන් සදහා භාවිතා කිරිමටත් ඔබගේ Facebook මිතුරන් අතර මුදල් හුවමාරු කර ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වෙනවා.

ඔබගේ credit card, debit card මේ සදහා ඇතුලත් කර, අවශ්‍ය වෙලාවකදි ඉතා පහසුවෙන් භාවිතා කිරිමට හැකියාව ලබා දී ඇති අතර, අනාගතයේදි ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන Paypal සේවාව සදහා සහය දැක්වීමටත් මොවුන් මේ වනවිට කටයුතු කරගෙන යනවා. ‍‍

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Tech Crunch වෙබ් අඩවිය භාවිතා කිරිමට පුලුවන්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: