Google සමාගමේ Hangout සේවය භාවිතා නොකරන කෙනෙක් නැති තරම් මේ වන විට. ඒ, Hangout සේවාව වෙන්ව භාවිතා කල හැකි නිසා. Facebook හි Messenger සේවයද සාමාන්‍ය ෆේස්බුක් මොබයිල් ඇප්ලිකේෂනයෙන් වෙන් වුනේ මේ හේතුව නිසා. නමුත් හැන්ගවුට් සේවය පරිඝනක සඳහා වෙනම තිබුනද මැසෙන්ජර් සේවයට එසේ විකල්පයක් තිබුනෙ නෑ.
ෆේස්බුක් සමගාම ඊයේ සිට ජංගම දුරකථන වලට ලබාදුන් මැසෙන්ජර් සේවය පරිඝනක සඳහාද ලබාදී තිබෙනවා. www.messenger.com වෙබ් අඩවියට පිවිස විගස ඔබේ ෆේස්බුක් ගිණුම පෙන්වනු ඇත. එවිට එමඟින් ලොග් ඉන් වූ පසු ජංගම දුරකථන වල මෙතෙක් කල් භාවිතා කල මැසෙන්ජර් සේවය ඔබට පරිඝනකය ඔස්සේද විඳගන්නට පුලුවන්.

අඩු දත්ත ප්‍රමාණයක් වැයවීමත්, මිතුරන් සමඟ පණිවුඩ හුවමාරුව තවත් සමීප වීමත් මෙමඟින් ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වෙනවා.
ගූගල් සමාගමේ හැන්ගවුට් වලදී තිබෙන අන්තර්ජාලය හරහා ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් ගැනීමේ පහසුකමද මේ වෙත එක් කර තිබීම මඟින් මැසෙන්ජර් හා හැන්ගවුට් සේවයන් දෙකේ ලොකු තරඟයක් ඉදිරියේදී අපට බලාපොරොත්තු වන්නට පුලුවන්.
Discussion about this post