Facebook එකෙන්ම Memes හදන්න ඇප් එකක්

Facebook එකට යන්නේ ඇයි කියලා දැන් ඇහුවොත්, ගොඩක් අය කියන්නේ යාලුවෝ එක්ක චැට් කරන්න කියලා ද? නෑ. Memes බලන්න! ඉතින් මේ මීම් කලාව සෑහෙන්න ලෝකයේ ජනප්‍රිය වෙලා තිබෙනවා. මීම්ස් හදන්න ඇප්ස් සහ වෙබ්සයිට් ඕන තරම් තියෙනවා.

ඉතින් ෆේස්බුක් සමාගමෙන්ම අලුත් ඇප් එකක් හදුන්වලා දීලා තියෙනවා මේක වෙනුවෙන්ම. ජනප්‍රිය මීම් ටෙම්ප්ලේට් වගේම තමන්ගේ ඉමේජ් එකක් වුණත් දාලා, ඒකට අකුරු, ඉමොජි, ස්ටිකර් ආදි ගොඩක් දේවල් එකතු කරලා මේ ඇප් එකෙන් මීම් එකක් හදන්න පුලුවන්.

ඇප් එකේ නම Whale. මේක නිර්මාණය කරලා තියෙන්නේ ෆේස්බුක් ආයතනය යටතේ තිබෙන NPE (New Product Experimentation) කණ්ඩායමෙන්. දැනට මේ ඇප් එක තිබෙන්නේ කැනේඩියානු ඇප් ස්ටෝ එකේ පමණයි.

දැනට මේ ඇප් එක අනිත් රටවලට පාවිච්චියට නැත්තේ, තාම ඔවුන් එහි ජනප්‍රියතාව ගැන පරික්ෂාකරන නිසා. එය පරිශීලකයන් අතර ජනප්‍රිය වේවියැයි සමාගම හිතුවොත්, එය ලොව පුරා ඕනම කෙනෙකුට අරගෙන පාවිච්චි කරන්න පුලුවන් ඇප් එකක් විදියට නිකුත් කරාවි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: