ලොව විශාලතම සමාජ ජාලය වන ෆේස්බුක් හි චැට් සේවය වෙනම මැසෙන්ජර් සේවයක් ලෙස පසුගිය දිනෙක වෙන්වුනා. ඒ ආරම්භයත් සමඟ මීට පැය කීපයකට කලින් ෆේස්බුක් සමාගම නිවේදනය කලේ තවදුරටත් ෆේස්බුක් හි මිතුරන් සමඟ සංවාද කිරීමට ෆේස්බුක් ගිණුමක් අවශ්‍ය නොවන බවයි.
ෆේස්බුක් ගිණුම් නැති අයට වුවද දැන් චැට් කිරීමට අවශ්‍ය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් පමණි. නමුත් මේ සේවය දැනට පර්යේෂණ සේවයක් ලෙස ඇමරිකාව, කැනඩාව, පේරූ රාජ්‍ය සහ වෙනසියුලාවේ අයට පමණක් විවෘත කර තිබෙනවා. ඒත් සමාගම පවසන්නේ ඉක්මනින්ම ඉදිරියේදී අනෙක් රටවලටත් මේ සේවය විවෘත කරන බවයි.
මේ සඳහා රෙජිස්ටර් වීමට පහත පියවර අනුගමනය කරන්න :
- Google Play Store මඟින් ෆේස්බුක් මැසෙන්ජර් එක ඩවුන්ලෝඩ් කරගන්න.
- මැසෙන්ජර් ඇප්ලිකේෂණය විවෘත කරන්න.
- එහි යටින් පෙන්වන “Not on Facebook?” වෙතට පිවිසෙන්න.
- ඉන්පසු ඔබේ දුරකථන අංකය, නම සහ ඔබේ ඡායාරූපයක් ඇතුලුකිරීමට ඔවුන් උපදෙස් දෙනු ඇත. දැන් ඔබට මිතුරන් සමඟ චැට් කිරීම ආරම්භ කල හැක!
Discussion about this post