පසුගිය 2020 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 12,000කට අධික ආදායමක් උපයාගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පවසනවා.
එම වසර තුළ සුරාබදු වැටලීම් 35,751ක් කර අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 160ක් බවත්, වැටලීම් 35,751ම අධිකරණය වෙත යොමු කළ බවත් ඒ මහතා සඳහන් කළා.
මේ අතර, අධිකරණය මගින් රුපියල් මිලියන 137ක් දඩ වශයෙන් අය කරගෙන තිබෙනවා.
පසුගිය වර්ෂයේදී ආදායමේ වැඩි වීමක් හා වැටලීම්වල වැඩි වීමක් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
මීට වඩා වැටලීම් සිදු කිරීමට හැකියාව තිබුණත් කොරෝනාවෛරසය නිසා පසුගිය වර්ෂයේ මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුනේදී ආදායම අඩුවී ඇති බවත් එසේ නොවන්නට සුරාබදු ආදායම රුපියල් මිලියන 130ක් දක්වා වැඩි කරන්නට තිබූ බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Discussion about this post