Elon Musk (එලෝන් මස්ක්) ගේ කළමණාකාරීත්වය යටතේ පවතින තවත් එක් ආයතනයක් වන Starlink ආයතනය මගින් 2021 වන විට ලෝකයේ බොහෝ දෙනෙක්ට භාවිතා කල හැකි ලෙස ඕනැම තැනක සිට සැටලයිට් හරහා අන්තර්ජාලය සම්බන්ධතාවය ලබා ගැනීමට හැකියාව ලබා දීමට කැප වන ආයතනයක්.
ඇමරිකානු බිලියන 36ක් පමණ වත්කමකින් යුතු Starlink ආයතනය මේ වන විට සැටලයිට් 500 පමණ මෙම කාර්යය සදහා චන්ද්‍රිකාගත කර අවසානයි.
ලෝකයේ බොහෝ දෙනෙක් පුන පුනා බලා සිටියේ තමන්ට කවදා සිට මෙය භාවිතා කිරීමට හැකිවේද යන්නයි. එම බලාපොරොත්තු යම්තාක් දුරට සඵල කරමින් Starlink ආයතනය පසුගියදා මෙහි අත්හදා බැලිමේ කටයුතු ලෝකයේ තෝරාගත් රටවල්, ප්‍රාන්ත යොදා ගනිමින් ආරම්භ කිරිමට කටයුතු ආරම්භ කලා.
Starlink (SpaceX ආයතනයේ මව් ආයතනය) නිවේදනය කර සිටියේ ග්‍රීෂ්ම ඍතුව ආරම්භ වීමත් සමග උතුරු අර්ධගෝලය ඇතුලත මෙම සේවාවේ අත්හදා බැලීම් ආරම්භ කිරිමට කටයුතු සුදානම් කර ඇති බවයි. මෙම සේවාව අත්හදා බැලීමට හැකිවන ප්‍රථම කණ්ඩායම් වන්නේ සියැටල් (Seattle) සහ ජර්මනිය (Germany) බවයි දැනට ලැබී ඇති ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් සදහන් වෙන්නේ.
Starlink ආයතනය පවසන්නේ ලෝකයේ භාගයකට වඩා මේ වන විටත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීමට වත්කමක් හෝ අවශ්‍ය කරන තාක්ෂණික මෙවලම් නැති බවයි. එසේ හැකියාව තිබුනත් බොහෝ රටවල් වල අන්තර්ජාල සේවාවන් මිලෙන් අධික බවයි. Starlink ආයතනය මේ තත්වය වෙනස් කිරීමට 2021 වර්ෂ අවසානය වන විට SpaceX Sattelites 1000ක් පමණ ක්ෂතගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබටත් SpaceX සේවාව අත්හදා බැලිමේ කටයුතු සහභාගී විමට කැමති නම්, ඔවුන්ගේ වෙබ් අඩවියට (https://www.starlink.com/) ගොස් ඔබගේ email ලිපිනය, රට සහ තැපැල් අංකය සදහන් කර ඔබත් මෙය සදහා උනන්දු වන බව දැන්විය හැක. බලමු ලංකාවේ අපිට කවදා මෙම සේවාව අත්විදීමට හැකි වෙයිද කියලා!
Discussion about this post