පළාත් සභා මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පොදුජන පෙරමුණට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් හමුවීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ජිනීවා මානව හිමිකම් කමිටු වාර්තාව මගින්ද නිර්දේශ කර ඇති අතර, එසේම ඉන්දියානු ආණ්ඩුවද පළාත් සභා ඉක්මනින් පැවැත්වීම අවධාරණය කර ඇත. පළාත් සභා මැතිවරණය ජුනියේ පැවැත්වීම කෙරෙහි ඉන්දියානු බලපෑම බෙහෙවින් බලපා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
Discussion about this post