දුරකථන, ලැප්ටොප් වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණ මේ වන විට අපේ ජීවතයෙන් ඈත් කරන්න බැරි තරම් ලංවුන දේවල්. එම නිසාම එවැනි උපකරණයක් ගිනිගත්තොත් හෝ පිපිරුණොත් එයට ලැබෙන අවධානයත් වැඩියි. විශේෂයෙන් නම ගිය සමාගමක එකක් නම්.
White Panda නැමැති DJ Artist කෙනෙක්ට තමයි මේ ගැටලුවට මූණ දෙන්න වෙලා තියෙන්නේ. ඔහු මේ පිළිබඳ ඔහුගේ නිළ ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබෙනවා.
ඔහු පවසන පරිදි ලැප්ටොප් එක විදුලියට සම්බන්ධ කර වැඩ කර කර සිටින අතරතුර එකවරම එහි දෙපසින්ම දුම් එන්නට පටන් ගෙන තිබෙනවා. ක්ෂණිකව ඔහු ලැප්ටොප් එක පොලොවේ තබා ඇති අතර, සුලු පිපිරීමක් ඊට පසු සිදුවී ඇති බවද ඔහු පවසනවා. ඉහත වීඩියෝව තිබෙන්නේ ඉන් පසුවයි.
දුමේ තිබෙන කාබන් මොනොක්සයිඩ් ගතිය වැඩි නිසා නිවසේ ඇති දුමක් ඇතිවුවහොත් පටන්ගන්නා නලාද නාදවී තිබෙනවා. ඔහු පවසන පරිදි ගුවන් යානයකදී මෙය සිදුවුනානම් සිදුවනදේ හිතාගැනීමටත් නොහැකි බවයි.
ඔහුට ඇපල් සමාගමෙන් ප්‍රතිචාරයක් නොමැති බැවින්, ඔහු ඇපල් සමාගමෙන් මේ පිළිබඳව විමසා තිබෙනවා. ඔවුන් එවිට පවසා තිබෙන්නේ, මේ පිළිබඳව ඔවුන් දැනුවත් කර තිබෙන බවත්, වැඩිදුර විමර්ශණය සඳහා යොමුකර තිබෙන බවත්ය. එවගේම දින 4ක් ඇතුලත සමාගම ඔහු අමතනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ”වයිට් පැන්ඩාට” පවසා තිබෙනවා.
Discussion about this post