Disney වෙතින් Netflix, Hobo වෙනුවට ආදේශකයක්

Netflix කිව්වම නොදන්න කෙනෙක් මේ වෙනකොට නැති තරම්. චිත්‍රපටි, tv-series දහස් ගණනක් ඇතුලත් සේවාවක් තමයි Netflix කියන්නේ. මේ වෙනකොට ලංකාවේත් බොහෝ පිරිසක් භාවිතා කරන සේවාවක් තමයි මේ. Netflix වැනි තවත් ජනප්‍රිය සේවාවන් කිහිපයක්ම ඇත, ඒවා නම් Hobo, Hulu වැනි සේවාවන්. මේ සේවාවන් ලංකාවේ එතරම් භාවිතා නොවූවත් ලෝකයේ සෙසු රටවල් වල Netflix ලෙසම ඒම සේවාවනුත් භාවිතා වෙනවා. ‍මේ සියලු සේවාවන්ට අභියෝගයක් වෙමින් පසුගියදා අප කවුරුත් දන්නා Disney සමාගම මෙවැනිම සේවාවක් ජනතාව අතරට නිකුත් කලා. ඒ තමයි Disney+ කියන්නේ. Disney සමාගම මේ පිලිබදව මුලින්ම අනාවරණය කල දවසේ සිට බොහෝ සිනමා ලෝලීන්ගේ ආකර්ශණය දිනා ගැනීමට Disney+ සේවාවට හැකි වුනා. සෑම කෙනෙක්ම පාහේ නිකුත් වනතෙක් බලා සිටි සේවාවක් තමයි මේකත්.

අනිකුත් movie streaming සේවාවන් වගේම Disney+ වෙබ් අඩවියත් smart tv, mobile phones, computers සහ console (PS4+, Xbox) වැනි මාධ්‍ය ඔස්සේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඔබ සතුව Smart TV එකක් හෝ Streaming box එකක් නැත්තම්, කිසිදු ගැටලුවකින් තොරව ඔබගේ පරිගණකය භාවිතා කර වූවද Disney+ භාවිතා කිරිමේ අවස්ථාව තියෙනවා.

Netflix ලෙසම Disney+ තුල අන්තර්ගත වී ඇත චිත්‍රපට සහ TV Series ඔබට පසුව නැරඹිම සදහා Download කර තබා ගැනිමේ හැකියාවත් තියෙනවා. Download කල ඇති සියලුම චිත්‍රපට ඔබට අන්තර්ජාල සම්බන්ධාවය නැති අවස්ථාවක වූවත් නැරඹිමේ පහසුකම මෙයින් උදා වෙනවා.

ඔබ Disney+ mobile application එක භාවිතා කිරිමේදි ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයට ගැලපෙන අයුරින් චිත්‍රපට වල quality එක වෙනස් කර භාවිතා කිරිමේ හැකියාවත් තියෙනවා. High, Medium සහ Standard යන quality වර්ග තුනෙන් කැමති ලෙස එය වෙනස් කර ගත හැක.

‍‍නොවැම්බර් 19 සිට ලෝකයේ සියලුම දෙනාට Disney+ සේවාව භාවිතා කරන්න පුලුවන්. අපි ඉස්සර ආසාවෙන් බලපු ගොඩක් Cartoon චිත්‍රපටි වගේම, අලුතෙන් එලි දක්වන චිත්‍රපටත් Disney+ සේවාව ඔස්සේ අපිට නරඹන්න පුලුවන්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: