Unlimited data වමත් හරියට නැති ලංකාවේ ගොඩක් අය චිත්රපටි ටීවී series games softwares ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන්නේ torrent. මොකද එතකොට නයිට් ඩේටා වලින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා. මේක ඇත්තටම කිව්වොත් නීති විරෝධී ක්රමයක්. මොකද ගොඩක් අය කරන්නෙ සල්ලි දීල ගන්න තියෙන softwares games මේකෙන් නොමිලේම ගන්න එක. ඒත් ඉතින් මේ කතා කරන්න යන්නේ ටොරන්ට් වල තියෙන හරි වැරැද්ද නෙමෙයි.
Torrent වල තියෙන ගැටලුවක් ගැන. Torrent කියන්නෙ peer-to-peer ක්රමයක් නිසා සමහර වෙලාවට ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ ගොඩක් හෙමින්. සමහර වෙලාවට රෑ දාලා උදේ download වෙලා ඉවර වෙන්නේ. මේකට හොද ක්රමයක් තියෙනවා ඒ තමයි මේ ටොරන්ට් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් විදියට හදාගන්න එක.
චිත්රපටි direct ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ් සයිට් තිබුනත්, ඒවට ගියාට පස්සෙ ඇඩ් තියෙනවා සීයක් විතර. pop-ups අර මේවා එන්න ගත්තම එපා වෙනවා. ඒත් මේ ක්රමයේදී කිසිම ad එකක් නෑ.
මේක හරිම පහසු වගේම නෑම කෙනෙකුට ඉක්මනින්ම කරන්න පුළුවන් ක්රමයක්.
ගොඩක් අය torrent වලින් download කරන්නේ චිත්රපට එහෙම නැත්නම් TV Series නිසා මේ ක්රමය ගැලපෙනවා.
මුලින්ම ඔයා https://www.seedr.cc වෙබ් අඩවියට යන්න. ඒකෙ රෙජිස්ටර් උනාට පස්සේ ඔයාට 2GB දක්වා bandwidth එකක් හම්බ වෙනවා. ඒ කිව්වෙ ඔයාට 2GB torrent file එකක් direct file එකක් විදිහට හදා ගන්න පුළුවන්.
Account එකට ලොග් උනාට පස්සේ ඔයාට බලාගන්න පුලුවන් ඒකෙ උඩ තීරුවේ paste link URL here කියලා තැනක් තියෙනවා. එතැනට ඔයාට ටොරන්ට් එකේ magnet link එක හෝ torrent file එකේ link එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට එහා පැත්ත තියෙන අප්ලෝඩ් ලකුණ ඔබල ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ පොඩි වෙලාවක් ඇතුලත Torrent ෆයිල් එක ඔයාගේ account එක ඩවුන්ලෝඩ් වෙනවා.
ටොරන්ට් ෆයිල් එකේ seeds තියෙන්නෙ කිහිපයක් නම් ඔයා දන්නවා ටොරන්ට් ෆයිල් එක ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න බැහැ. හැබැයි මේ account එක add කරලා තිබ්බම seeds තියෙන වෙලාවට ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඔයාගේ account එකේ තියෙනවා.
දැන් ඔයාට කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙච්ච torrent file එක right click කරලා download කරගන්න. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරලා IDM වගේ download manager එකට මේ download එක add කරන්න. දැන් ඔයාට ඔයාගේ ටොරන්ට් එක full speed එකෙන්ම download කරගන්න පුළුවන්.
මේක මම ලියන්න තීරණය කළේ ගොඩක් අය මේ ගැන දැනගෙන හිටියත් තවමත් මේක ගැන නොදන්න පිරිසකුත් ඉන්නවා. ඒ වගේ අයට මේක වැදගත් වෙයි. ්රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.