• Talkies News
  • තෙල් බෙදාහැරීම සම්බන්ධ අලුත්ම තොරතුරු (Live Updates)

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ ඉන්ධන අර්බුධය ඉන් ප්‍රමුඛස්ථානය ගන්නවා.
ඉතින් මේ discussion එක වෙන් වන්නේ ඒ ගැන අලුත්ම තොරතුරු ඔබට ගෙන එන්නට සහ ඔබේ ගැටලු එකම තැනකින් නිරාකරණය කර ගැනීමට...

ජූලි 26

  • ත්‍රීරෝද රථ සඳහා එක් එක් ප්‍රදේශවල තෝරාගත් ඉන්ධන පිරවුම්හළක් වෙතින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කෙරේ. ඒ අනුව මේ සඳහා ඔබට ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඔබ ලියාපදිංචි විය යුතුය.

  • තණකොළ කපන යන්ත්‍ර, විදුලි උත්පාදන යන්ත්‍ර ආදිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය තුළින් ලියාපදිංචි කරගත යුතුය. එවිට ඒ සඳහාද වෙනම ඉන්ධන කෝටාවකට අවසර ලබා දෙනු ඇති.

  • චැසි නම්බරයෙන් ලියාපදිංචි විය නොහැකි පුද්ගලයන් හට සිකුරාදා(ජූලි 29) වැනිදා සිට ආදායම් බලපත්‍ර අංකය ඔස්සේ ලියාපදිංචි විය හැක. 49cc යතුරුපැදිද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු වේ.

වාහනයේ අවසන් අංකයට අදාළ දින

ජූලි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වාහනයේ අවසන් අංකයට අදාළව වෙන් කර ඇති දිනයන්

0,1,2 - අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 - බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 - සඳුදා, බදාදා සහ සිකුරාදා

ජූලි 27

ජූලි 26 වැනිදා රාත්‍රී 9 වන විට QR පද්ධතියට ලියාපදිංචි වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
සිපෙට්කෝ තෙල් මධ්‍යස්ථාන 299ක්, Lanka IOC මධ්‍යස්ථාන 34ක් QR පද්ධතිය හා අනුගත වී තිබෙනවා.

ජූලි 27 - තෙල් ලබාගත හැකි අලුත් ප්‍රමාණයන්

QR ක්‍රමය හරහා වාහන වෙත තෙල් ලබාදෙන ප්‍රමාණයන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව බස් සඳහා සතියකට ලීටර් 40, කාර් හෝ වෑන් සඳහා ලීටර් 20ක්, ත්‍රීරෝද රථ සඳහා ලීටර් 4ක්, යතුරුපැදි සඳහා ලීටර් 4ක් වශයෙන් මෙය වෙනස් කර තිබෙනවා.

පහත වගුවෙන් සම්පූර්ණ වාහන වලට ලබාදෙන තෙල් ප්‍රමාණයන් බලාගත හැකියි.

    ජූලි 27

    ජාතික ඉන්ධන අවසරපත
    National Fuel Pass

    අද දින රාත්‍රී 8.30වන විට ජාතික ඉන්ධන අවසරපත මගින් ලියාපදිංචි රථ වාහන ප්‍රමාණය මිලියන 4.25 බවට පත්ව ඇත. අද දිනයේ ඉන්ධන පිරවුම්හල් 481ක් තුල මෙම මෙවලම උපයෝගී කර රථ වාහන 158,208කට ඉන්ධන බෙදා හැරීම සිදු කර ඇත. සිපෙට්කෝ පිරවුම්හල් 409ක් සහ ලංකා IOC පිරවුම්හල් 72ක් මෙලෙස අනුගත වී ඇති අතර එය සමස්ථ ඉන්ධන පිරවුම්හල් වලින් 50%ක සීමාවට ලඟා වී ඇත.

    National Fuel Pass shows great improvement. Almost 50% Fuel Stations On FuelPass QR system.
    4.25 Million Registered by 8.30pm Today. Total of 481 Fuel Stations Adopted to the system. 409 CEYPETCO & 72 @LankaIOCPLC. 158,208 users obtained Fuel with the Fuel Pass QR during the day.

    #NationalFuelPass #MinistryOfPowerAndEnergy #SriLanka #KanchanaWijesekera

    ජූලි 28

    වාහන කිහිපයක් හිමි ව්‍යාපාර සඳහා තමන්ගේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචිය මගින් එකම නමක් යටතේ ලියාපදිංචි කිරීම අද සිට සිදු කරගත හැක.

    යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ ලියාපදිංචිය සිදුකරගත යුතුය.

    Update on Fuel Pass -

    Businesses with multiple vehicles can now register all their vehicles with their Business Registration Number on Fuel Pass. Fuel requirements for machinery must be registered with the respective Divisonal Secretariats with the weekly fuel requirements.

    ජාතික ඉන්ධන අවසරපත මගින් අද රාත්‍රී 8.30 වන විට රථ වාහන 4,479,376ක් ලියාපදිංචි වී ඇති අතර, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 826ක් මේ වන විට අනුගත වී ඇත. අද දිනයේ පිරවුම්හල් 536ක් මගින් රථ වාහන 187,005ක් ඉන්ධන ලබා ගෙන ඇත. 21වන දින සිට රථ වාහන 536,055ක් ඉන්ධන අවසරපත මගින් ඉන්ධන ලබා ඇත. අද දිනයේ ලියාපදිංචි වූ රථ වාහන සංඛ්‍යාව 163,544ක් වේ.

    4,479,376 registered users on National Fuel Pass by 8.30 today. 826 Fuel Stations islandwide has tested the platform & 536 Fuel Stations has fueled 187,005 vehicles today utilizing the Fuel Pass. Total number of vehicles fueled with the NFP since 21st of July is 536,055 & 163,544 has registered today with the platform.

    #NationalFuelPass #MinistryOfPowerAndEnergy #SriLanka #KanchanaWijesekera

    Write a Reply...