UPDATE : මේ වෙනකොට කට්ටිය රිපෝට් කරලා ලින්ක් එක වැඩ කරන්නේ නෑ. අපි උත්සහ කරනවා ආයේ ඔයාලට දෙන්න. ඒත් ලේසි නෑ.
ඕන කෙනෙක්ට ඕන දෙයක් ගන්න පුලුවන් වෙන්න හදලා දීලා තිබුණේ. තව එකවුන්ට් එකක් නෑ ඕක ක්ලෝන් කරගන්නවත්. ආයේ දෙන්න පුලුවන් වෙයිද කියන්න බැරි ඒකයි. සොරි.
ඒත් ඉතින් ලංකාවේ ඉන්නේ මහ කාලකන්ණි මිනිස්සු කියන්න මේකම ඇති.
රිපෝට් නොකර එකවුන්ට් එක පිටින් ගැලවෙන්නේ නෑනේ.
අපිත් වැරැද්දක් කළේ, ඔවු! හොරාට ෆිල්ම් දීපු එක වැරදියි. ඒත් අපේ උන් වැඩි හරියක් ඉන්නේ නෙට්ෆ්ලික්ස්, ඇමසන් වලට මාසෙට ගෙවන්න තියා, ඩේටා දාගන්නත් අමාරුවෙන් මේ කාලේ. ඒකයි මෙහෙම කළේ.
ඒත් ඉතින් දැන් ඒක නෑ.... ආයේ දුන්නත් ඔය ටිකම තමයි වෙන්නේ. බලමුකෝ...