
2022 ජුනි 24 වැනිදා සිට 'Airtel 3G'
නැවැත්වීමට අවසර 😮
============>>>>>>>>>>>>>>>>
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් Bharti Airtel Lanka PVT Ltd සමාගමට (Airtel) ඔවුන්ගේ 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වන විට ක්‍රියාවිරහිත කිරීමට අවසර ලබා දී ඇත.
මෙලෙස Airtel 3G ජංගම දුරකථන ජාලය ක්‍රියාවිරහිත කිරීම හේතු කොට ගෙන එහි 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මක ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන්ගේ සම්බන්ධතාවයන් ස්වයංක්‍රීයව අත්හිටුවීමක් සිදුවනු ඇත.
3G ජාලය ක්‍රියා විරහිත කිරීමේ ප්‍රධාන අරමුණ 3G තාක්ෂණය සදහා දැනට භාවිතා කරන සංඛ්‍යාත 4G තාක්ෂණය ප්‍රවර්ධනය සදහා යොදා ගනිමින් පාරිභෝගිකයන් හට වඩා වේගවත් සහ පුළුල් සේවාවක් ලබාදීමයි.
මේ සදහා Airtel ආයතනයට මාස 15 ක සංක්‍රාන්ති කාල සීමාවක් ලබාදී ඇත්තේ මෙම කාලසීමාව අවසානයේ 3G ජාලය ක්‍රියා විරහිත කිරීමෙන් අදාල පාරිභෝගිකයන් හට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමටය. Airtel ආයතනය ඔවුන්ගේ 3G ග්‍රාහකයන්ගෙන් යටත් පිරිසයෙන් 90% ක් Airtel 4G ජාලයට අන්තර්ග්‍රහණය කර ගැනීමට පහත සදහන් කොන්දේසි යටතේ බැදී සිටී.
පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් එම ජාලය විසන්ධි වීමට පෙර 4G ජංගම දුරකථන ජාලය භාවිතය සදහා පෙළඹවීම.
3G ග්රාහකයන් සදහා 4G ජංගම දුරකථන ලබාගැනීම සදහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ සහනදායී මිලට ලබා ගැනීමට හැකි පහසුකම් උපරිමයෙන් සලසා දීම.
සංක්‍රාන්ති කාලය තුල එසේ ලබා ගන්නා 4G දුරකථන සම්බන්ධතා සදහා සිත් ගන්නා සුළු දුරකථන පැකේජ හදුන්වා දී ක්‍රියාත්මක කිරීම.
3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් වෙත කෙටි දුරකථන පණිවිඩ (SMS) මගින් නිශ්චිත කාලාන්තර වලදී මෙම ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම සහ එම පාරිභෝගිකයන් නියමිත කාලයට පෙර 4G දුරකථන සම්බන්ධතාවයන් ලබා ගැනීමට දිරි ගැන්වීම.
ඔබ විසින් තව දුරටත් 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මක ජංගම දුරකථනයක් Airtel දුරකථන ජාලයේ භාවිතා කරන්නේ නම් නොපමාව Airtel ආයතනය කෙටි දුරකථන අංක 780 ඔස්සේ අමතා ඉහත කොන්දේසි වලට අනුකූලව 4G ජංගම දුරකතනයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
මෙම සහනය ඔබට ලබාගත හැක්කේ 2022.06.01 දින දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න.
එමෙන්ම මේ පිලිබදව ඉහත කාලසීමාව තුල යම් ගැටලුකාරී තත්වයක් ඇතිවුහොත් ඒ පිලිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දිය හැක.
#Airtel #lka
#fmtvsrilanka