• Educational
  • නිවසේදී සබන් හදමු (Washing Soap )

අවශ්‍ය ද්‍රව්‍ය :

පොල්තෙල් 550 ml (ගුණාත්මකභාවය වැඩිකර ගැනීම සඳහා ඔබ කැමති ස්භාවික තෙල් වර්ග භාවිතා කළ හැකියි)
කෝස්ටික් සෝඩා 100g
සෝඩියම් සිලිකේට් 15g
ජලය 280ml
කලරින්
සුවද ද්‍රව්‍ය
අච්චු

සාදන ක්‍රමය :

ප්ලාස්ටික් භාජනයකට කෝස්ටික් සෝඩා සහ ජලය දමා ලී පත්තකින් හොදින් දිය කර ගන්න. දියවෙනවිට මිශ්‍රනය රත්වෙන බැවින් සැලකිලිමත් වන්න.

මෙය පැය 1/2 පමන නිවෙන්න තබන්න.

පොල්තෙල් වෙනම බදුනක 55*c ( අතට රස්නය දැනෙනෙ උෂ්නත්වය ) රත් කර , එය ප්ලාස්ටික් උස භාජනයකට දමා, කෝස්ටික් සෝඩා ද්‍රාවණය එක්කරමින් හොදින් දිය කර ගන්න.

සෝඩියම් සිලිකේට් , පොල්තෙල් මේස හැන්දක දියකර , අවශ්‍ය පාට එක්කර එයද මුල් මිශ්‍රනයට දමා දිගටම කලවම් කරන්න .

මිශ්‍රනය තරමක් උකු වූ පසු, ගැලපෙන සුවද ස්වල්පයක් එක්කර ,අච්චු වලට දමා , අවම පැය 24 ක් සෙට් වෙන්න තබන්න .

සති 2කට පසු පාවිච්චියට ගැනීම සුදුසුයි . ( කෝස්ටික් සෝඩා වල සැර අඩු වීමට )

සෝඩිටම් සිලිකේට් මගින් භාවිතා කරන ජලයේ කඨින බව නැතිකර සබන් හොඳින් දියවීමට උපකාර වේ.
එමෙන්ම සෝදන පෘෂ්ඨයේ පැල්ලම් ඇතිවීම වලකයි.

සාමාන්‍ය කැට 7 ක් සාදා ගත හැකිය

සබන් මිල ඉහලයෑමෙන් වියදම ඉහලයාම නිසා පීඩාවට පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් පලකලෙමි

Kasun Dilranga
Like my page👇
https://www.facebook.com/kasundilrnga/

Write a Reply...