දැනට ෆේස්බුක් Youtube Tiktok Telegram හැම Platform එකකින්ම එන්න විදියක් නැතිව ඉන්න අය ගොඩක් ඉන්නවා.
වෙනදට නෝමල් ෆේස්බුක් ආපු Cookery වීඩියෝ එකක් බලාගෙන උයපු ගෙවල් වල ඉන්න අම්මලාට පවා දැන් කිසිම Access එකක් නැති වෙලා ඇති.
වෙනදට ෆේස්බුක් එකට ලක්ෂ 20 ක් ලොග් උනා නම් දැන් ඒක ලක්ෂ 12 කට විතර අඩු වෙලා ඇති.ඉතින් මේක Troll කරන්න වෙලාවක් නම් නෙමෙයි.
මේ Description එක ඔයාලට පුළුවන් හැම තැනටම යවන්න.කොපි කරලා දාන්න.කිසි ප්‍රශ්නයක් නැහැ.ෂෙයාර් කරනවට වඩා කොපි කරලා දැම්මම රිච් වෙන ප්‍රමානේ වැඩියි.හිටිය හැමෝම ආයේ ගෙන්නන්න ටාගට් කරන්න.
Whatsapp Status,Whatsapp group msgs,Telegram Group msgs හැම තැනටම මේක යවන්න.යාලුවන්ට යවන්න.උන් මැසේජ් Seen කරලා රිප්ලයි නොකරත් කමක් නෑ.
මුලින්ම කියන්න ඕනි PC එකටයි මොබයිල් එකටයි එකම රටකින් ෆේස්බුක් Youtube එහෙම ලොග් වෙන්න.
ඔයා ඔෆිස් ගිහින් වෙන රටකින් ෆේස්බුක් ලොග් වෙලා ෆෝන් එකෙන් වෙන රටකින් ෆේස්බුක් ලොග් උනාම ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එක බ්ලොක් වෙන්න ඉඩ ප්‍රමානේ වැඩියි.
ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ Pc එකටයි මොබයිල් එකටයි එකම VPN එකක් දාගන්න එක.
100% Safe FREE VPN එකක් ඒ නිසා ඔයාලා හොයනවා ඇති.මාත් එපා වෙනකම් හෙවුවා.මොබයිල් එකට තිබුනත් දෙකෙන්ම ලොග් වෙන්න පුළුවන් එකක්.
මේකට හොඳම විසඳුම Proton VPN කියන එක. [Login to see the link]
For PC - මේකට ගිහින් ඔයාලට ලොග් වෙලා එකවුන්ට් එකක් හදාගන්න.ඊමේල් එකයි User Name එකයි පාස්වර්ඩ් එකයි මතක තියාගන්න.
ඊට පස්සේ ඔයාට Client App එක ඩවුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එකට යන්න.
[Login to see the link]
ඊට පස්සේ ඔයාලා OS එකට අනුව ඩවුන්ලෝඩ් කරගන්න.ඊට Install කරගෙන User name password දාලා ලොග් වෙන්න.
ඊට පස්සේ ලේසියි.
ඔතන Free තියෙන රටවල් මොකක් හරි දාගෙන කනෙක්ට් වෙන්න.
for Mobile - Android අය මේ ලින්ක් එකෙන් ගන්න
[Login to see the link]
I phone අය මේ ලින්ක් එකෙන් ගන්න
[Login to see the link]
අර විදියටම එකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙන්න.
මතක තියාගන්න ඔයාලා Pc එකෙනුයි මොබයිල් එකෙනුයි දෙකෙන්ම ලොග් වෙන අය නම් එකම User name Password දාගන්න.
එකම රටක් Select කරලා ඊට පස්සේ දෙකෙන්ම ලොග් වෙන්න.
එහෙනම් ජය.