යුක්රේන හා රුසියානු ජනපතිවරුන් සමඟ අගමැති මෝදි දුරකථන සංවාදයක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් යුක්රේන ජනපති ව්ලොදොමිර් සෙලෙන්ස්කි සමඟ දුරකතන සංවාදයක නිරත වී තිබෙනවා.
පැය බාගයක පමණ කාලයක් පුරාවට සිදුවූ එම සංවාදයේදී මේ වන විට යුක්රේනයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියානු ජාතිකයන් සහ ශිෂ්‍යයින්ව ආරක්ෂිතව යුක්රේනයෙන් පිට කිරිම සඳහා සහය දැක්විම සම්බන්ධයෙන් මෝදි විසින් යුක්රේන ජනපතිට ස්තූතිය පල කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, මෝදි විසින් රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ට ද දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.
එහිදී අගමැති මෝදි විසින් පුටින්ට කියා ඇත්තේ, පවතින සාම සාකච්ඡා වලට අමතරව යුක්රේන ජනපති සමඟ සෘජු සංවාදයක නිරත වන ලෙසයි.
එහිදී ජනපති පුටින් විසින් ඉන්දීය ජාතිකයන්ට ආරක්ෂිතව යුක්රේනයෙන් පිටවිම සඳහා සියලු කටයුතු සිදුකරන බවටද පොරොන්දු වී තිබෙනවා.