රුසියානු ප්‍රහාරයට එක්වන දෙවන රට ලෙස බෙලරුස් රුසියානු හමුදාවට එකතු වෙයි.
බෙලරුස් හමුදාව රුසියානු හමුදාව සමඟ මේ වන විට එක්වී ඇති බව යුක්යරේන රජය ප්‍රකාශ කළා.
එරට පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.
ඒ අනුව යුක්රේනය ආක්‍රමණයට සම්බන්ධ වී ඇති දෙවැනි රට වන්නේ බෙලරූස් රාජ්‍යයයි.
බෙලාරුසියානු හමුදා යුක්රේනයේ උතුරු ප්‍රදේශයෙන් තම රටට ඇතුළු වී Chernihiv ප්‍රදේශයට ගමන් කරමින් ඇති බව උතුරු ආරක්ෂක බලකායේ ප්‍රකාශක Vitaliy Kyrylov තහවුරු කර ඇති බවයි එම පණිවුඩයේ දැක්වෙන්නේ
වාර්තාවලට අනුව, යුධ ටැංකි 33 කින් යුත් බෙලාරුසියානු හමුදාව යුක්රේනයට ඇතුළු වී ඇත්තේ උදෑසන 11.30ට පමණයි.
බෙලරූස් ජනාධිපති මීට පැය කිහිපයකට පෙර තමා රුසියානු හමුදා හා එක්වී යුක්රේනය ආක්‍රමණය නොකරන බවටද ප්‍රකාශ කර තිබුණා.
යුක්රේනයට මායිමට උතුරින් බෙලාරුස් හි කිල්චිකා හි ගොඩබිම් හමුදා, ක්ෂේත්‍ර යෙදවීම් සහ රථ පෙළක්
(ඡායාරූපය: Satellite image 2022 Maxar Technologies / AFP