'රාම-සීතා කියන්නේ යුග යුග හිටපු පෙම්වතුන්ද? '
'නෑ.!'
'හරියට සාලිය-අසෝකමාලා , රෝමියෝ-ජුලියට් වගේ.?'
'නෑ අනේ . සාලිය නම් ප්‍රේමය හින්දා රජකම අතෑරපු කුමාරයෙක්. රාම මොනා ද කරේ'
' රාම රාවණා කතාව කියෙව්වාම කම්පියුස් වෙනවා'
'මේකයි කතාව සරල වම'
අම්මත් කතාවට පැන්නා.
අම්මගෙ කතාවෙ සාරාංශය මේ.
'අවුරුදු 12000 කට කලින් කතාවක් ඕක. රාමයි ලක්ශ්මනයි සහෝදරයො එකම අම්මගෙ නොවුනත්. ලක්ශ්මනට රජකම් දෙන්න යන නිසා රාම වන ගත වෙනවා. එතෝට රාමට 13යි සීතාට හයයි. ඒ දෙන්නා බැදලා උන්නේ.'
' හයෙන් බදිනවා. නංගිගෙ වයසෙදි?'
' අහගන්නවකො මේවා කතානෙ'
අඩු විවාහ ගැන පස්සෙ කතා කරමු.
'බැදලා උන්න නම් පෙම් කතාවල් වෙන්නෙ කෝමද?'
'සමයං, මිනිස්සු බැන්දාමත් පෙම් කරනවා. '
'ඉතින්?'
'ලක්ශ්මනත් රජකම එපා කියලා අයියයි නෑනයි එක්ක කැලේට එනවා.
එයාලා කැලේ ඉදන් අවි ආයුද තියාගෙන පුහුනු වෙනවා . ඔහොම කාලෙ ගෙවෙනවා.'
'ඔය කාලෙ ඔය කැලේ අයිතිය තියෙන්නෙ ලංකාවෙ රාවණාට. රාවණා එයාගෙ නංගිව සුර්පණකා ව යවනවා මේක බලන්න. එයා තමා රාවණාගෙ හමුදාව බාරව ඉදලා තියෙන්නේ. අවි ආයුද තියාගෙන තපස් රකින ගෑනියි මිනිස්සු දෙන්නයි කවුද කියලා බලන්නෙ සැකේට.'
'ලක්ශ්මනට පිස්සු .ඌ ගෑණියෙක් වගේ. එයා සුර්පනකාගෙ නහය කපලා එවනවා. '
'සුර්පණකා ට්‍රිප් එකක් යද්දි ලක්ශ්මන පැනලා නහය කැපුවා කියලත් කියනවා නේද.?'
'එහෙම තමා මාත් ඉස්කෝලෙ කාලෙ ඉගෙන ගෙන තිබ්බේ!'
'මොක වුනත් නහය කපපු එක වැරදියි. එකක් එයා ගෑණු
අනික වෙන රටක.
අනික කතා බහ කරල විසදගන්න තිබ්බ දෙයක්. කායික හිංසනය නරක දෙයක්.'
'ඔන්න ඕකට රාවණාට මල පනිනවා . ගේමට ගේම. '
'ඒත් රාවණා මාර කොලිටි මනුස්සයෙක්.
එයා ගිහිල්ලා සීතාව අරන් එනවා.
යුද්ද කරලා නෙවේ රාම දඩයමේ ගියපු වෙලාවක සීතා ඉන්නේ ලක්ශ්මන බාරයේ . රාවණා අහිංසක මුවෙක් මවලා ලක්ශමනව ඌ පස්සෙ යවලා අතරමං කරනවා. මං කිව්වෙ ලක්ශමන ගෑණු ටයිප්. මුවෙක් පස්සෙ ගිහිල්ලා අතරමං වෙන්නේ. ඔය අතරෙ රාවණා සීතාව දඩු මොනරෙ තියාගෙන අහසින් ලංකාවට අරන් එනවා. ඇවිල්ලා පරිස්සන් කරනවා.
හේතු කීපයක් මත.
- අනුන්ගෙ ගෑනියෙක්. රාවණාට මොකටද අනින්ගෙ ගෑණු.
2 පිටරටක ගෑණු කෙනෙක්. රටේ අන්නයතාවයට මොනවා වුනත් රාවණා පිටු පාන්නෙ නෑ
- රාවණා හොද මිනිහෙක්. ඊටත් එයා රජෙක්. රාම වගේ සෙවලයෙක් නෙවේ.'
ඔය අතරෙ රාවණා සීතාට එයාගෙ සාස්තරේ උගන්නනවා. රාවණා කියන්නේ මූණු 10ක් තිබ්බ යක්ක රජෙක්. එයා වේද හතරක් ඇතුලු සාස්ත්ර 10ක් කෙල පැමිනි පොරක් . සීතත් හොදට උන්න නිසා ඔන්න ඔහේ ඒවායින් ටිකකුත් කියල දෙනවා. ගිනි සිසිල ඒකෙන් එකක්. ගින්න උනත් සීතල කරතෑකි සාස්තරයක් ඒක. '
' සීතා ලංකාවෙ සතුටින් ඉන්න ඇතිද'
' රාමගෙ හැටි දන්න නිසා ලංකාවෙ සතුටින් ඉන්න ඇති. අනික ලංකාවෙ රජ්ජුරුවෝ එයාට අතක් තියලවත් නෑලුනේ. රාවණා කියන්නෙ යකාගෙ පුතෙක් නෙවේ යකෙක්.'
ඔය අතරෙ රාම රාවණාට යුද්ද කරන්න එනවා. කැලේ උන්න නිසා එයා එන්නෙ හනුමන්තා එක්ක උගේ වානර හමුදාවක් එක්ක. ඉන්දියාවෙ වදුරු හැතිකරේ ලංකාව ගිනි තිබ්බෙ අදක ඊයෙක නෙවේ. ඔය වදුරා නැට්ට ගිනි තියලා මුලු ලංකාවම පුච්චනවා. ඒත් ලංකාව කෙලින්.
'රාවණගෙ මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එකෙක් විබීශන . අනිකා කුම්බ කර්න. කුම්බකර්ණ වැඩ කාරයා . හැබැයි එයා මාස හයක් එක දිගට කුබකර්ණයා වගේ බුදියනවා. ඒ කාලෙ උගෙන් කිසිම වැඩක් නෑ. ඇහැරල ඉන්න මාස හයට නම් මොකෙක්ටවත් ලං වෙන්න දෙන්නෙ නෑ.
විබීශන මල පෙරේතයා. ඌ තමා ලංකාවෙ දැනට වාර්තාවන පලවෙනි දේශ ද්‍රෝහියා. අයියලා මල්ලිලා වුනාම එකට රට කන්න හරි, රට හදන්න හරී ඉන්න ඕන. ඒත් මේකා, රාවණාට විරුද්දව රාමට ලං වෙනවා.'
විබීශනගෙ උදව්වෙන් රාම රාවණාව මරලා සීතාව අරන් යනවා.
රාම ඉන්දියාවෙ රජ වෙනවා. විබීශන ලංකාවෙ රජ වෙනවා. '
'ඊට පස්සෙ.?'
'ඊටපස්සෙත් රාම ලංකාවට ඇගිලි ගහනවා.
විබීශනට රාවණාගේ මන්දෝදරීව බන්දවලා ලංකාව පාලනය කරන්න ඕන හැම මගුලම කියලා දෙන්න එනවා. '
'රාමට මොකද උනේ.'
..........
මහලොකු පෙම් කතාවනෙ . මං පොඩ්ඩක් ඒ ගැන කියෙව්වා.
රාමට ශුවර් නෑ සීතාව. මොකද සීතා ලංකාවෙ සැපට සනීපෙට ඉදලයි ඉන්දියාවට එක්කන් යන්නේ.
රවණා කියන්නෙ ගින්දර වගේ රජෙක්. ලපයි සිපයි මොකකටවත් අතක් වත් තියන්නෙ නෑ ඒ තරම් කොලිටි රජෙක්.
ඒත් රාම පාහරයෙක්. සීතාට කියනවා ගින්නට පැනල ඔප්පු කරන්න කියලා සීතා පතිවත රැකපු ගෑනියෙක් කියලා. ඒ කාලෙත් රේප් වුනත් රේප් කලත් ගෑනු පිට වැරෑද්ද පටවලා තීනවා. සීතා කරපු අග්නි පූජාවෙන් ඔප්පු වෙනවා එයා නිවැරදියි කියලා. ගින්නට පැන්නත් එයා පතිවත රැකපු නිසා මයිලක්වත් පිච්චෙන්නෙ නෑ
පාහරයාගෙ තරම!
රාම හිතනවා මේ ගෑනි රාවණාගෙ ගිනි සිසිල මන්තරේ ඉගෙන ගෙන තමා බය නැතිව ගින්නට පැන්නෙ කියලා. ඒකයි ආපදාවක් නුවුනේ කියලා. හිතේ සැකෙන් තමා ඉන්නේ.
ඔය අතරෙ සීතා ප්‍රෙග්නන්ට් වෙනවා . ඒකට රාවණාව සැක කරන්න බෑ. සෑහෙන කාලයකට පස්සෙනෙ. ඒ ගමන රාම ලක්ශමනව සැක කරනවා. . මූ සැක කරන සැක කරන ගානෙ සීතාට ගින්නට පනින්න වෙනවා .
මරු ආදර කතාව !
ඉතින් අහගන්නවකො.
ඒ පාර ලක්ශ්මනට කියනවා සීතාව කැලේ අතර මන් කරලා එන්න කියලා. අර ගොන් හරකාත් රාමට කඩේම යනවා. ගිහිල්ලා අතරමංකරලා එනවා. බඩ දරු අම්ම කෙනෙක්ව කැලේට යවන්නේ.
කැලේදි සීතාට වාල්මිකීව හම්බ වෙනවා. වාල්මිකී සීතාව ළමයා හම්බ වෙනකන් බලා ගන්නවා. කැලේදි සීතාට ළමයි දෙන්නෙක් හම්බ වෙනවා ලව හා කුස.
සීතායි වාල්මිකීයි රාම රාවනා කතාව ලමයින්ට උගන්නන්වා කවදාහරි තාත්ත ආපු දවසක කියන්න කියලා. ඒ කතාව තමා රාමායනය කියලා කියන්නේ. ළමහින්ට නරක කියල දෙන්න හොද නැති නිසා උන්ගෙ අප්ප ගැන හොද ටිකක්වැඩියෙන් කියලා දෙනවා කොයි අම්මත් වගේ.
දවසක අප්පලා පුතාල මුණ ගැහෙනවා .
ආයෙම සීතාව මාලිගේට එක්කන් යනවා අවුරුදු 12කට පස්සෙ.
ඔය අවුරුදු 12ත් රාමට සැකයි. . ලක්ශ්මන ගැනත් සැකයි . රාම කියන්නෙ සැකේ උපත . ආයෙත් සීතට අග්නිපූජාව කරන්න වෙනවා. සීතා හොද එකී. ඒ පාරත් කරදරයක් වෙන්නෙ නෑ . ඒත් රාම පාහරයෙක්.
සීතා ගැනත් එක එක කතා තියනවා. සීතා කියන්නේ නගුලෙන් උපන්න දුවක්ලු. සී සාන කොට පෙට්ටියක තිබිලාලු හම්බුනේ. රාවණාගෙ බිරිඳට නිවුන් දරුවො හම්බ වෙනවාලු. පලවෙනි කෙනා දුවෙක්ලු.. ඒ පාර එයාව රටේ අය මරයි කියලා ලංකාවෙ ඉදන් පෙට්ටියක දාලා ඉන්දියාවට එවාලු. ඒ එවපු දරුවාලු සීතා කියන්නේ . නිවුන් උපත් පරම්පරාවෙ පරාවට යනවානේ. ඒකලු සීතාටත් නිවුන්නු හම්බුනේ.
රාවණාගෙ ලේ ප්‍රබල නිසා සීතාටත් අවුලක් වුනේ නෑලු. සීතාටත් ගින්දරෙන් හානි නුවුනේ ඒ බලයෙන් කියලත් කියනවා .
කෝම හරි මේ නන්ස්ටොප් සැකකිරිල්ල දරා ගන්න බැරුව සීතා සියදිවි හානි කර ගන්නවා.
ලක්ශමනත් සියදිවි හානි කර ගන්නවා.
ඔය ඔක්කොම ගැන හිතලා රාමත් සියදිවි හානි කර ගන්නවා.
එහෙම පාහරයෙක් මිනිස්සු දේවත්වයේ තියලා සලකනවා. අච්චර දියුණු රටක් සංස්කෘතියක් තිබ්බ රාවණා යකෙක් කරලා සලකනවා.
ගැණිව උපන්දා ඉදන්ම සැක කරපු ජෝඩුව ආදරයේ සංකේතයක් විදිහට සලකනවා
මාර ලව් ස්ටෝරිය.
නින්දෙන් නැගිටලා කුස්සියට ගිහින් ලිප ඔන් කරා. මයිලක්වත් පිච්චුනේ නෑ. අපි රාවණාගෙ යක්ක දූලා ...
කෝකටත් ගෑස් එක හොල්ලල බැලුවා. ගෑස් ඉවරයි
ඒයි!.........
2021.11.07