
කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ සිදු කළ හැකි පරීක්ෂණ කට්ටලයක් නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු පිරිසක් සමත්වී තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම නිර්මාණය හඳුන්වා දෙනු ලැබුවා.

අදාළ උපකරණය මගින් කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට හැකියාව පවතින බව සදහන්.
ඒ අනුව රුපියල් 1500 ක් වැනි අඩු පිරිවැයකින් අදාළ පරීක්ෂණය සිදු කළ හැකි අතර, ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව මෙය කඩිනමින් ලියාපදිංචි කරගැනීම සඳහා බලාපොරොත්තු වන බවයි අදාළ පර්යේෂණ කණ්ඩායම සඳහන් කළේ.

