
කොළඹ 1-15 ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත සඳහා වන ඩිජිටල් සහතිකය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව පහත දැක්වෙන සහතික වල ජායාරූප [Login to see the link] යන ඊමේලය වෙත යොමු කිරිමට කටයුතු කරන ලෙසයි ඇය සඳහන් කළේ.
1) එන්නත ලබා ගත් බවට ලබාදුන් කාඩ් පතේ දෙපැත්තේ වන ජායාරූප
2) ජාතික හැඳුනුම්පතේ / විදේශ ගමන් බලපත්‍රයේ දෙපැත්තේ ජායරූපයක්
3) දුරකථන අංකය
අදාළ ඩිජිටල් සහතික පත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරිමට කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
Update :
මෙය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට ඉල්ලුම් කළ හැකි බවයි මේ වන විට සඳහන් වන්නේ.
ඔබ Vaccine දෙකම ගත්ත නම් 1945 අමතා Digital කාඩ්පත ලබා ගැනීම සදහා ලියාපදිංචි වෙන්න. (ඇමතීමට පෙර එන්නත ලබා ගත් කාඩ්පත ලඟ තබාගන්න)