දෛනික වැඩිම එන්නත්කරණය වාර්තා කරමින් ගෙවුණු දිනයේ එන්නත් මාත්‍රා 437,878ක් මෙරට ජනතාවට ලබා දී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කල වාර්තාවට අනුව වැඩිම මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නතයි.
එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 356,628කට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 55,722කට ලබා දී තිබෙනවා.
මීට අමතරව ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 108කට සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 25,420කට ඊයේ දිනය තුළ ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
