දැන් නම් මට පෞද්ගලිකව ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එක එපා කරපු වැඩක්. ටොරන්ට් එක හරි ඩිරෙක්ට් හරි වේවා ඩවුන්ලෝඩ් වෙන්න යන වෙලාවේම ඔන්ලයින් බලන්න පුලුවන් නම් කොච්චර එකක්ද ? ඒ විතරක් නෙවෙයි. ඒකට සිංහල උපසිරැසිත් දාගෙනම online බලන්න පුලුවන් නම්?
මේ කියන්න යන ක්රමයෙන් ඔයාට පුලුවන් සිංහල උපසිරැසි තියෙන ඔයාට කැමති ෆිල්ම් එකක් ඔන්ලයින්ම බලන්න.
ඉතින් තව ඔනෑතරම් වෙබ් අඩවි තියෙනවානේ ඔන්ලයින් ෆිල්ම් බලන්න?
මේක වෙනස්. Online Films බලන්න පුලුවන් සයිට් එකකට, ටොරන්ට් එක ආපු ගමන්ම එන්නෙ නෑනෙ. දවස් කීපයක්වත් යනවා ගොඩක් වෙලාවට. ඉතින් මේකෙදි ඔයාට ටොරන්ට් එක දැම්ම ගමන්ම ෆිල්ම් එක හෝ ටිවී එපිසෝඩ් එක බලන්න පුලුවන්.
මුලින්සම යිට් එකට යන්න මෙතනින් - [Login to see the link]

ඒකේ ඔයාට බලාගන්න පුලුවන් search box එකක් වගේ එකක්. ඒකට ඔයා ඔයාට ඕන ෆිල්ම් එකේ torrent magnet link එක හරි Infohash එක හරි දෙන්න. උදාහරණයකට 1337x.to සයිට් එකේ නම් මෙන්න මේ රතු කොටු දෙකක් තියෙන්නේ මැග්නට් ලින්ක් එකයි ඉන්ෆොහෑෂ් එකයි තියෙන තැන.

ඊට පස්සේ තත්පර කීපයක් ගියාම ඉබේම ෆිල්ම් එක ලෝඩ් වෙනවා. සමහර වෙලාවට වෙන කවුරුහරි ඒ ෆිල්ම් එක කලින් මේකෙදි බලලා නැත්නම් පොඩි වෙලාවක් යාවි seed වෙන්න ඒ ෆිල්ම් එක.

උඩ රූපයේ තියෙන විදියට ප්ලේයර් එකේ යට CC කියලා බොත්තමක් තියෙනවා. ඒක ක්ලික් කරලා Upload කියන එක දෙන්න. දැන් ඔයා [Login to see the link] එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල උපසිරැසිය ඔතනට ඇඩ් කරන්න.
දැන් ඔයාට ෆිල්ම් එක සිංහල උපසිරැසි එක්කම ඔන්ලයින් බලන්න පුලුවන් !

ගැටලුවක් තියෙනවානම් කියන්න... Webtor එකේ සිංහල සබ් වැඩ කළේ නෑ පොඩි අවුලක් නිසා කලින්. ඊට පස්සේ අපි එයාලත් එක්ක කතා කරලා වැඩේ ගොඩ දාගත්තා.