dr-nilusha ctupramod ඔයා කියන්නේ Windows එක්ක Zorin එකත් dual boot දාලා කියලාද? එහෙම කරන්න පුළුවන්ද? මොකද AutoCAD වගේ ඒවා නිතර පාවිච්චි කරන නිසා Windows අතහරින්න බෑ. ඒවාට වෙන විකල්පයකුත් නෑනේ.
ctupramod dr-nilusha ඔවු කිසි අවුලක් නෑ පුලුවන්. මම වැඩිපුරම වැඩ කරන්නේ සොරින් ඒකත් ඒක්ක. වින්ඩෝස් වලට යන්නේ ඔයා කිව්වා වගේ Linux වල සපෝට් කරන්නේ නැති සොෆ්ට්වෙයා ඒකක් ඒක්ක වැඩ කරන්න වුණොත් විතරයි.
ctupramod dr-nilusha අනිවා බලන්නකෝ. පට්ටයි. අනික මාර ස්මූත්. පරණ මැෂින් ඒකක් වුණත් අලුත් ඒකක් ගානට හදලා ගන්න පුලුවන්.
dr-nilusha ctupramod ඔන්න මමත් Zorin වලට ආවා. ලස්සනයිනේ. අනික මාර fast. දැන් ගොඩාක් software වල Linux version එනවානේ. නැත්නම් ඒ වැඩේම කරගන්න පුළුවන් වෙන එකක් තියෙනවා. ස්තූතියි මේවා හොයලා දෙනවාට...
ctupramod dr-nilusha ජයවේවා! එහෙනම් තව කෙනෙක් Open Source වෙන්න අත තිබ්බා 😍 සොරින් එක පට්ටයි! බලන්නකෝ පාවිච්චි කරලා...
dr-nilusha ctupramod Zorin වල හැමදේම හොඳයි. හැබැයි, සිංහල අකුරු ටිකක් අවුල්. මම හෙලකුරු ඇප් එකත් දාගත්තා. ඒත් අකුරු වෙනස් වෙන්නේ නෑ. සිංහලෙන් ටයිප් කරන්න නිකම් අවුල් වගේ...
ctupramod dr-nilusha ඕක තමා ලිනක්ස් වල එන font එක. මටත් දැන් ගානක් නෑ දැකලම... වින්ඩෝස් වල තරම් ලස්සන නෑ ඉතින් 😬