සරලව ම කිව්වොත් ස්ටාර්ලින්ක් කියන්නේ සැටලයිට් ඉන්ටර්නෙට් පද්ධතියක්. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් උපරිම වේගයක් තියෙන්නෙ Fiber Optics වල විතරනේ. ඒකත් වැඩ කරන්නෙ කේ්බල් වලින්. නමුත් මේ Starlink තාක්ෂණයට පුළුවන් 150Mbps නෙවෙනස් වන අන්තර්ජාල වේගයක් සහිත සම්බන්ධතාවයක් ලබාදෙන්න. මේකෙ විශේෂත්වය සම්බන්ධතාව ලැබෙන්නෙ ඉහල අහසෙ රඳවලා තිබෙන චන්ද්‍රිකා මඟින් ඒ නිසා පොලොව මට්ටමේ තියන බාධක සියල්ල මඟ හැරෙනවා. අවශ්‍ය වන්නෙ පැහැදිලි අහසක් පමණයි.
[Login to see the link] එකට ගිහිං ඔයාගෙ ලිපිනය දීල මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැනටමත් මේ තාක්ෂණය පාරිභෝගිකයින් 10,000 ක් පමණ අත්විඳින අතර දහස් ගණනක් දෙනා මෙය ලබා ගැනීමට අයදුම් කරල තිබෙනවා. ඉතිං first-come, first-served basis (පළමු කෙනාට පළමු තැන) යටතේ මෙම සේවාව ලබා දෙන අතර ඔබට මෙය වෙන් කරවා ගැනීමට වෙබ් අඩවිය ඔස්සේ US $99 ක නැවත ලබාගැනීමට හැකි (Refundable) මුදලක් තැන්පත් කල යුතුයි.
මේ වෙදිද් මෙම සම්බන්ධතාව මාසයකට $99 ක් පමණ වෙනවා. ඒ වගේ ම $499 මූලික ගෙවීමත් තර starlink satellite dish එකයි Wi-Fi රවුටර් එකයි ගන්න ඔ්න. ඒක කම්පැනියෙන් ඔයාගෙ ගෙදරට ම එවනවා. මේක දැනට නම් තනි පුද්ගලයෙක්ට අඩු මුදලකට ගන්න පුළුවන් සේවාවක් නෙවේ නමුත් කම්පැණි එකකට වගේ නම් මේක හුඟක් ලාබදායි ආයෝජනයක්.
මේ තාක්ෂණය දශක ගණනාවක ඉඳන් තිබුනු එකක්. රේඩියෝ සංඥා භාවිතයෙන් පොලොවේ සිට චන්ද්‍රිකාවට සංඥා නිකුත් කර නැවත් ඒ සංඥා පොලොවේ සිටින පාරීභොගිකයින් වෙත ලාබා දීම තමයි මෙතන් දි සිදු වන්නේ. "හියුස්නෙට්" කියන්නේ දැනට පවතින පොලොව මතුපිට සිට සැතපුම් 22,000 ක් පමණ ඉහලින් තිබෙන චන්ද්‍රිකා මඟින් ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවාවක්.
මෙම තාක්ෂණය ක්‍රම දෙකක් මඟින් සිදු කීරීමට නියමිතයි,
පොලොව මතුපිට සිට සැතපුම් 300 ක් දුරින් කක්ෂ ගත කරනු චනද්‍රිකා මඟින් සන්නිවේදන දුර අඩුවන නිසා ඉතා වේගවත් සම්බන්ධතාවක් වගේ ම ඒ සඳහා ගත වන කාලය (Response Time) ද අඩු කරගත හැක.
SpaceX ආයතනය මඟින් ඉදිරි අවුරුදු කිහිපයක් ඇතුලත චන්ද්‍රිකා 40,000 ක් පමණ කක්ෂගත කිරීමට සැලසුම් කරල තියෙනවා. ඒ මඟින් මුළු ලෝකයම ආවරණය වන පරිදි බිඳ නොවැටෙන සම්බන්ධතාවයක් ලබා දීම තමයි ඔවුන්ගෙ අරමුණ.
කොහොම ද මේකේ වේගවත් බව..?
[Login to see the link]
දැනට මේකෙ වේගය සඳහන් වෙන්නේ 80Mbps සිට 150Mbps දක්වා download වේගයක් ද එමෙන් ම 30Mbps Upload වේගයක් ලෙසයි. ඒ වගේම Response time එක මිලි තත්පර 30 ක් ලෙසයි සඳහන් වෙන්නේ. SpaceX ආයතනය මේ අවුරුද්දෙ අවසානය වෙද් දී මේ වේගය 300Mbps දක්වා වැඩි කිරීමටත්, latency එක මිලි තත්පර 20 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කරල තියෙන්නේ. මෙයාලනම් කියන්නෙ චන්ද්‍රිකා ගණන වැඩි වන තරමට නුදුරු අනාගතයේ දී මෙම වේගය 1Gbps - 10Gbps දක්වා වැඩි විය හැකි බවයි. කොහොම නමුත් තවමත් මේක පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා බිද වැටීම් වෙන්න පුළුවන් කියලත් මෙයාල පවසනවා.
අපි ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මේක. අපි දැනට භාවිතා කරන ISP ලට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ඕක. Users ල වැඩි වෙද් දි තදබදය වැඩි වන නිසා විවිධ අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. දැනට පවසන පරිදි මේ තාක්ෂණයෙන් චන්ද්‍රිකා 12,000 ක් මඟින් Users ල 485,000 කට ආසන්න ප්‍රමාණයකට පමණයි මේ පහසුකම ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් SpaceX ආයතනය නම් මේ ගැන කිසිඳු සඳහනක් නම් කරල නැහැ. ඉදිරි අනාගතයේ දි අපිට බලාගන්න පුළුවන් මේ ප්‍රශ්නයට එයාල මොන වගේ විසඳුමක් දෙයි ද කියලා.
මේ satellite Dish වලට හැකියාව තියෙනවා ඒක මතට වැටෙන හිම දිය කරල ඉවත් කරන්න, ඒක කරන්නෙ මේකට සවි කරල තියෙන හීටර් පද්ධතියෙන්. නමුත් අපි වගේ රටවල් වලට නම් හිමෙන් ගැටලුවක් නෑනේ. ලොකුම ගැටලුව තමයි දාරාණිපාත වර්ෂාවට, සුළඟට මේක කොහොම ද ක්‍රියාත්මක වෙන්නෙ කියලා. එයාල නම් කියන්නෙ හැකි සෑම විට ම Dish හොඳ තත්වයේ තියාගන්න කියලා ඒ් වගේ ම අර වගේ ස්වාභාවික සිදු වීම් නිසා වේගයේ යම් යම් අඩු වීම් ඇති වෙන්න පුළුවන් කියලත් කියනවා.
දැනට නම් මේක වැඩ කරන්නේ ඇමරිකාවෙ ප්‍රාන්ත කිහිපයකට පමණයි. ඉදිරියේ දි අපිට බලාගන්න පුළුවන් මේ ජාලය ව්‍යාප්ත වන ආකාරය.
ඇත්තම කිව්වොත් ජනගහනය අධික නගර ඉලක්ක කරගෙන නෙවේ මෙය ව්‍යාප්ත කරල තියෙන්නේ. මන්දගාමී අන්තර්ජාල වේගයක් සහිත දුෂ්කර ප්‍රදේශ වලට තමා මේ අවස්ථාව ලැබිල තියෙන්නේ. දැනට පොලොව මට්ටමින් පවත්වාගෙන යන සම්බන්ධතාවට ලඟා විය නොහැකි ස්ථාන තමා මූලික කරගෙන තියෙන්නේ. ඒකෙන් දැනට පවතින ISP ලට හොඳ තරඟයක් දෙන්න පුළුවන් කියලයි එයාල පවසන්නේ.
ඉලෝන් මස්ක් පවසන්නේ ජනගහනය අධික ප්‍රදේශ වලට චන්ද්‍රිකා ඔස්සේ අන්තර්ජාල සේවා ලබා දීම ඉතා අපහසු කාර්යයක් බවයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය උචිත වනේ සාමාන්‍ය ජනගහනයක් පවතින ප්‍රදේශ වලට බවයි.
දැනට මේක භාවිතා කරන අය නම් කියන්නේ ඉතාමත් හොඳ වේගවත් වගේම අඩු ප්‍රමාදයක් (Latency) සහිත සම්බන්ධතාවක් බවයි.
මේ උපකරණ කට්ටලයේ අයිතිය තියෙන්නෙ කාට ද..?
සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ඔබට පමණයි. කොහොම නමුත් ඔබට මෙය ලැබී මාසයක් වගේ කාලයක් තුල නැවත ලබා දී වියදම් වූ සම්පූර්ණ මුදල ලබාගත හැකියි.
මේක දැනට භාවිතා කරන අය නම් කියන්නේ සම්පූර්ණ සවි කිරීමට විනාඩි 5 කින් වගේ කරන්න පුළුවන් කියලා. නමුත් Dish එක පැහැදිලි අහසට යොමු කර තිබීම අනිවාර්යයි. මේක වෙනුවෙන් ම SpaceX ආයතනය App එකක් නිර්මාණය කරල තියෙනවා
[Login to see the link] හෝ [Login to see the link] සඳහා මේ ලින්ක් වලින් download කරගන්න පුළුවන්. මේකෙන් ෆෝන් එකේ තියෙන කැමරාව භාවිතා කරල ඔබ අවට අහසෙ චන්ද්‍රිකා මඟින් ආවරණය වන ප්‍රදේශය සොයාගන්න පුළුවන්.
තවදුරටත් කක්ෂක ගත කරන චන්ද්‍රිකා ගණන වැඩි වන විට මෙම ආවරණ කලාපය වැඩි වන බවයි ඔවුන් පවසන්නේ....
Source - www.pcmag.com