
එන්න අපි හරියටම සාධාරණ විදිහට Starlink සහ SLT Fiber comparison එකක් කරමු. මොනව හරි දේවල් දෙකක් Review කරනකොට ඒව පාවිච්චි කරල තියෙන්න ඕනි හෝ ඒව ගැන හොද අවංක research එකක් කරන්න ඕනි. ඒ වගේම comparison එකක් කරන කොට දෙකේම හොද සහ නරක කියන්න ඕනි. මම අවුරුදු 2කට වඩා SLT fiber පාවිච්චි කරනව. ඒ නිසා ඒ ගැන උපරීම experience එකක් තියෙනව. Starlink පාවිච්චි කරන්නෙ නැහැ නමුත් පහුගිය කාලෙ මම පාවිච්චි කරන අයගෙන් සහ internet/AI වගේ දේවල් වලින් විස්තර එකතු කලා. මාසයකට වැඩි කාලයක් Starlink experience කර අය දැන් අපේ රටේ ඉන්නව. අපි එක එක ප්‍රධාන මාතෘකා යටතේ මේ comparison එක කරගෙන යමු.
🔰 Order කරන්නෙ කොහොමද ?
SLT fiber connection එකක් අපිට අරගන්න සාමාන්‍යයෙන් වැය වෙන්නෙ රුපියල් 12000ක් වගේ ගානක්. සියලුම installation & configurations SLT team එකක් ඇවිල්ල කරල දෙනව, Starlink අපි තනියෙම order කරගන්න ඕනි නමුත් ඒක හරි සරල process එකක්. Starlink site එකට ගිහින් අපිට order එකක් දාන්න පුලුවන්. Card payments කරනකොට HSBC, NTB, NDB වගේ bank cards වලින් කිසි අවුලක් නැතුව කරන්න පුලුවන් උනා සමහර bank cards වලට පොඩි අපහසුක්ම් ආව වගේ කතා අහන්න දකින්න ලැබුන. සාමාන්‍යයෙන් මේ වෙනකොට Starlink වලට packages දෙකක් තියෙනව,
- Standard Residential ( රුපියල් 15000 )
- Residential lite ( රුපියල් 9200 )
අපි starlink order කරනකොට select කරන්න ඕනි මොන package එකත් එක්කද යන්නෙ කියල. Packages ගැන විස්තර ඊලගට කතා කරමු මම මෙතනදි ඒ ගැන කිව්වෙ order කරනකොට මේ අපි select කරගන්න package එක අනුව initial cost එක තීරණය වෙනව. මොකද 1st month එකේ ගානත් ගෙවන්න වෙනව අපිට මේක order කරනකොට. කොහොම හරි සාමාන්‍යයෙන් රුපියල් 130000ක් වගේ වෙනව සම්පූර්ණ ගාන Starlink order කරන්න යන.
SLT fiber වගේ මේකෙදි කවුරුත් ඇවිල්ල අපිට installation & configurations කරල දෙන්නෙ නැහැ ඒත් එහෙමයි කියල මෙකෙ මහ ලොකු දෙයක් නැහැ. හරිම ලේසියෙන් ඔයාට මේක set කරගන්න පුලුවන්. ඒ වගේම මේක Starlink dish එක එහෙම නැතිනම් antenna එක කියමුකො. මේක ඔයාට කැමති විදිහට සෙට් කරගන්න පුලුවන්. එහෙම metal mount එකකම සෙට් කරන්න ඕනි කියලම නැහැ. පහුගිය දවසක වයිරල් උනා මතකයිනෙ බ්ලොක් ගලක් තියලත් සෙට් කරල තිබ්බ. ඉතිං ඔයාට සෙට් වෙන විදිහකට අහස පැහැදිලිව පේන තැනක මේක කැමති විදිහට තියල් හදාගන්න පුලුවන්. ඇති තරම් දිගට මේකර වයර් හම්බ වෙනව.
ඒ වගේම දැන් Singer Sri Lanka වලිනුත් ගෙවීමේ ක්‍රමයට Starlink ගන්න පුලුවන් කියල Announcement එකක් දිල තියෙන්නෙ. ඒකත් හොද වාසියක්.
අහ් තව දෙයක් තමයි අපිට Starlink මාසයක් පාවිච්චි කරල අපිට මේක සැටිස් නැතිනම් return කරල අපේ සල්ලි ආපහු ගන්න පුලුවන්. Refundable agreement එකක් තියෙනව. ✋
🔰Packages
මේක දිගට කතා කරන්න වෙනව. අපි Starlink සහ SLT Fiber packages, ඒවයෙ හරිම cost එක සහ මේවයෙ speed එක ගැන කතා කරමු. මෙතනදි SLT Fiber වල තියෙන ඔක්කොම packages ගැන නෙමෙයි මම කතා කරන්නෙ, වැඩි data capacity එකක් සහ වැඩි speed එකක් තියෙන packages ගැන කතා කරන්නෙ මොකද අනික් පැත්තෙ ඉන්න starlink ගාව තියෙන්නෙ packages දෙකයි comparison එකට ගන්න.
මම අර කලින් කිව්ව වගේ Starlink වල ප්‍රධාන packages දෙකක් තියෙනව Standard Residential සහ Residential lite කියල.
👉 Standard Residential
Tax එක්ක මේකෙ ගාන 15000ක් වෙනව. සාමාන්‍යයෙන් starlink site එකෙන් කියන්නෙ මේකෙ speed එක 270Mbps වලට වඩා වැඩී හෝ ඒ ආසන්නයේ ගානක් කියල. ඒත් මේ වෙනකොට පාවිච්චි කරන අය publish කරලත් තියෙනව ඉතිං මේ වෙනකොට speed එක 400Mbps වලට වඩා වැඩියෙන් යනව කියල, මොකද තාම ලොකු user base එකක් නැති නිසා වෙන්න ඕනි. ඒ වගේම අපි අනිසි බියක් හදාගන්න ඕනි නැහැ user count එක වැඩි වෙනකොට speed එක අඩු වෙයිද කියල මොකද starlink හැම වෙලේම එයාලගෙ Satellites web එක scale up කරනව. Satellites 🛰️ ප්‍රමාණය වැඩි කරනව වගේ දේවල් කරනව අඩු පාඩු බලල ඒ අදාල regions වලට.
ඒ වගේම Data capacity එක ගත්තොත් ඇත්තටම මේක purely unlimited experience එකක් ගන්න පුලුවන් package එකක්. මේකෙදි එහෙම සැගවුනු FUP ( Fair Usage Policy ) නැහැ. ඔයාට ඇති තරම් පාවිච්චි කරන්න පුලුවන්. උපරිමයෙන් මේකෙ වෙන්න පුලුවන් එකම දේ තමයි ඔයා ඉතාමත් සුවිශාල විදිහට මේකෙන් download කරනවනම් busy time ( peak timw ) වලට විතරක් "data de-prioritize" වෙනව. ඒ කියන්නෙ සුලු ප්‍රමාණයකින් speed එක අඩු වීමක් තමයි වෙන්නෙ. ඒක එහෙම මේ පට්ට slow වීමක් එහෙම නෙමෙයි. මේ වෙනකොට ටෙරා ගනන් මේකෙන් කිසි අවුලක් නැතුව download කර අය ඉන්නව.
👉 Residential lite
මේකෙ ගාන tax එක්ක රුපියල් 9200යි. Speed එක 100Mbps or 150Mbps වගේ වෙන්නෙ. මේකත් purely unlimited package එකක්. නමුත් Standard Residential එකට වඩා තරමක data de-prioritize වීමක් බලාගන්න පුලුවන් ඒත් ඒක පාවිච්චි කරන්න අපහසු දෙයක් නෙමෙයි සහ හැම වෙලේම වෙන දේකුත් නෙමෙයි. තනි පුධලයෙක්ට පාවිච්චි කරන ඉතාමත් සුදුසුයි.
හරි අපි දැන් බලමු මේ Starlink එකත් එක්ක compare කරන්න පුලුවන් SLT fiber package මොනවද කියල. මේ දේවල් 2025.08.04 ( අද ) දිනයට up to date details. SLT website එකෙන් සහ customer care කතා කරල verify කරගත්තෙ.
👉 SPEED-BASED FIBRE UNLIMITED FAMILY
මේකෙ ගාන with tax රුපියල් 9717යි. Speed එක 100Mbps සහ මේක unlimited කිව්වට technically unlimited නෙමෙයි පැහැදිලි FUP එකක් තියෙනව. 1000GB ( 1TB ) තමයි data capacity එක. ඔයා ඒ capacity එක ඉවර කලොත් ඊට පස්සෙ මේකෙ speed එක 1/2Mbps වෙනව. ඒ කියන්නෙ මේක unusable level එක්කට එනව. නමුත් අපි ඔලුවට දාගන්න ඕනි දෙයක් තමයි සාමාන්‍යයෙන් 1000GB කියන්නෙ විශාල data capacity එකක්. ඒ නිසා සාමාන්‍යය පාවිච්චියක් තියෙන පුද්ගලයෙකුට හෝ පවුලකට සාපේක්ෂව ගත්තහම මේක unlimited connection එකක් වගේ තමයි.
උදාහරණයක් හැටියට මම IT industry එකේ heavy role එකක් කරන totally WFH කරන employee කෙනෙක්. මගේ මාසික data capacity එක උපරිම 400GB වගේ වෙන්නෙ. ඊට අඩු මිසක් වැඩි නැහැ. ඉතිං මම වගේ කෙනෙක්ට මේ fiber connection එක unlimited. ඒ නිසා ඔයා තීරණය කරන්න ඕනි ඔයාගෙ data capacity එක්ක මොකද්ද සුදුසු කියල. ඒ වගේම මේකෙ 100Mbps කියන speed එක ඒ තරම්ම ඒවි කියන්න අමාරුයි busy time වල.
👉 SPEED-BASED FIBRE UNLIMITED BOOST
මේකෙ ගාන with tax රුපියල් 18,327ක් වෙනව. Speed එක 300Mbps වෙනව. මේකෙත් පැහැදිලි FUP එකක් තියෙනව. Data capacity එක 2000GB ( 2TB ). Capacity එක ඉවර උනොත් speed එක 5/2Mbps වෙනව.
Summery එක 👉
• SLT Fibre Speed Base Family – Rs 9,717 – 100 Mbps – 1,000 GB
• SLT Fibre Speed Base Boost – Rs 18,327 – 300 Mbps – 2,000 GB
• Starlink Residential – Rs 15,000 – 250–420 Mbps – Unlimited
• Starlink Lite – Rs 9,200 –100 Mbps – Unlimited
ඉතිං Starlink සහ SLT Fiber comparison එකේදි මේ packages ටික තමයි සසදන්න වෙන්නෙ. ඔයාට pure unlimited data experience එකක් ගන්න ඕනිනම් ඔයා starlink පාවිච්චි කරන්න ඕනි ඒත් ඔයාට already fiber connection එකක් තියෙනවනම් ඔයාගෙ මාසික capacity එක 1000GB වලට වඩා අඩුයි නම් Fiber speed based family එක තමයි හොද. හැබැයි speed එක අතින් ගත්තහම fiber boost package එකට යනවට වඩා මූලික වියදම වැඩි උනත් starlink 15000 package එකට යන එක තමයි වාසි.
Anyway මේ details පාවිච්චි කරල ඔයාට තීරණය කරගන්න පුලුවන් වෙයි මොකද්ද ඔයාට වඩාත්ම ගැලපෙන්නෙ කියල. අපි ඉතුරු දේවල් බලමු.
🔰 Latency
මෙතනදි පැහැදිලිවම SLT Fiber වල latency එක අඩුයි. Starlink වල latency එක තරමක් වැඩී. මොකද Starlink Satellite 🛰️ වලට තියෙන දුර වැඩී. ඒ නිසා අනිවාර්යයෙන්ම latency වෙනසක් වෙනව. නමුත් මේක බලපාන්නෙ real timw online multiplayer Games play කරනකොර වගේ දේවල් වලදි. ඒවට හොද latency එකක් ඕනි. මිලි තප්පරෙත් වැටිනව. අන්න ඒ වගේ කෙනෙක්නම් ඔයා Starlink වලට යන එක ගැන හිතන්න. හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනව. SLT fiber වල latency එක වෙනස් වෙනව මේ gaming server එක ලංකාවෙන් පිට තැනකනම් තියෙන්නෙ. එහෙම නැතිනම් SLT Fiber වලත් latency එක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වෙනව,
• Local Servers (Sri Lanka): 10–50 ms
• Regional Servers (e.g., Singapore): 20–80 ms
• International Servers (e.g., US/Europe): 120–300+ ms
🔰 Torrent download කලොත් Starlink blocked/banned?
හොදින් ඔලුවට දාගන්න Torrent කියන්නෙ අවුල් දෙයක් නෙමෙයි ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා Torrent පාවිච්චි කරන්න අවුලක් නැහැ Starlink හරහ, නමුත් Torrent වල ගොඩක්ම තියෙන්නෙ illegal downloading එහෙමත් නැතිනම් copyrighted materials. ඉතිං අපි Starlink connection එකෙන් torrent හරහා එහෙම අවුල් දෙයක් copyrighted materials download කලොත් එහෙම කර ගමන් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, ඒක monitor වෙලා අපිට එනව Warning එකක් මෙන්න මේ වගේ,
Downloading copyrighted materials without a license may lead to suspension or termination of your connection and put you at the risk of legal action by the content owner.
ඉතිං මේකෙන් පස්සෙ අපි දැනගන්න ඕනි වරැද්දක් වෙලා කියල. ඊට පස්සෙ අපි ආයිත් download කලොත් යම් කාලසීමාවක් යනලම් connection එක block කරනව අපි customer care කතා කරල ඒක unblock කරගන්න ඕනි. ඊට පස්සෙන් ඔයා වැඩේ කලොත් sorry dot com වෙනව connection එකට. ඉතිං torrent වලින් අහු නොවෙන්න download කරන්න ක්‍රම තියෙනවනෙ. දන්න අය එහෙම කරගන්න පරිස්සමින් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. 😀
SLT Fiber connection එකකින් ඒව download කරන්න පුලුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම block කිරිලි නැහැ.
🔰 Climate එක බලපාන්නෙ කොහොමද
Starlink කියන්නෙ අහසෙ තියෙන චන්ද්‍රිකා පාවිච්චි කරල connection එක දෙන process එකක්. ඉතිං අනිවාර්යයෙන්ම අදික වැස්ස, අකුණුවලින් , කුණාටු වලින් මේකර බාධාවක් එන්න පුලුවන්. නමුත් ඒක 0 downtime එකක් නෙමෙයි. Speed එකට වගේ බලපාන්න පුලුවන්. අධික වැසි සහිත කාලගුණ යටතේ ලංකාවෙ පාවිච්චි කර අය ඉන්නව මේ වෙනකොට එයාල් කොයන්නෙ එහෙම ප්‍රශ්නයක් නැහැ කියල. SLT fiber වල එහෙම අවුලක් තියෙනව කියල කියන්න බැහැ මේක fully wired connection එකක් නිසා.
හැබැයි ඉතිං අපේ සිරි ලංකාවෙ ඕනිම තැනකට වගේ පොඩ්ඩක් වැස්ස ගමන් විදුලිය ඇනහිටිනව. ඒ නිසා SLT fiber , Starlink මොනව තිබ්බත් වැඩක් නැහැ CEB එක හරියට වෑඩ නැතුව 😀😀😀..
🔰WiFi Strength
Starlink එකට අපිට හම්බ වෙන Router එකෙන් සාමාන්‍යයෙන් මීටර් 40ක් වගේ දුරකට WiFi ගන්න පුලුවන්. ඒක ඉතාමත් හොද පරාසයක්. ඒ වගේම SLT fiber connection එකට හම්බ වෙන router එකනම් එච්චරම හොද දේවල් නෙමෙයි. ගොඩක් වෙලාවට මේව පාවිච්චි කරපුවත් වෙන්න පුලුවන් සහ ලොකු පරාසයක් cover වෙන්නෙ නැහැ. ඒත් අපිට 3rd party mesh එකක් පාවිච්චි කරල ඉතා හොද පරාසයක් හදාගන්න බැරි නැහැ සාපෙක්ශව හොද mesh එකක් ටිකක් ගාන වැඩී. ඒ වගේම Starlink routes එකට 120 ක වගේ user count එකක් connet වෙන්න පුලුවන්. SLT router එකට එච්චර බැහැ.
පුද්ගලිකව මගේ අදහස,
ඔයා සාමාන්‍යයෙන් මාසෙකට 3000ක් 5000ක් වගේ වියදම් කරල connect එකක් පාවිච්චි කරන කෙනෙක්නම් ඒක ඔයාට ඇතිනම් ඒ වගේ කෙනෙක් Starlink වගේ දේකට යන එක තේරුමක් නැහැ. මොකද මේක ගන්නම 130000ක් වගේ ගානක් යනව සහ මාසෙකට 9200ක් හෝ 15000ක් ගෙවන්න ඕනි. ඉතිං මෙන්න මේ දේවල් ඔයාට affordable නම් ඔයාට හොද pure unlimited data experience එකක් ගන්න පුලුවන් Starlink වලින්.
එහෙම නැතිනම් ඔයා මාසෙකට 1000GB වලට වඩා අඩු capacity එකක්නම් ඕනි, 100Mbos වගේ speed එකක් ඇතිනම් ඔයාට SLT Fiber තමයි හරියන්නෙ. අනිත් එක SLT fiber වල 300Mbps package තියෙනව ඒත් ඒව එක්කො capacities අඩුයි එහෙම නැතිනම් ඒකෙ ගාන සෑහෙන්න වැඩී.
post update
ලංකාවෙ SLT Fiber lines හැම තැනටම ගිහින් නැහැ ඒ නිසා ඕනිම කනෙක්ට SLT fiber connections ගන්න අමාරුයි සහ මූලිකව සදහන් කරල තියෙන ගානට වැඩිය ගානක් ගෙවන්න වෙනව දුර අනුව. ඉතිං ඒ වගේ fiber connection තාම ගිහින් නැති පැති වලට ඉන්න කෙනෙක්ට speed and unlimited connection එකක් ඕනිනම් Starlink is the most recommended one!
මම දාල තියෙනව SLT package වල විස්තර බලාගන්න පුලුවන් links comment section එකේ..
එහෙනම් ඔන්න මම දන්න දේවල් වලින් Starlink සහ SLT Fiber comparison එකක් කලා. වැරදි දේවල් තියෙනවනම් genuinely comment එකක් දාන්න. මමත් කැමති දේවල් දැනගන්න..
ජය වේවා..🤟
#Starlink
#SLTMobitel
#internet
#srilanka