ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 සඳහා වන Covishield එන්නතට නියාමන අනුමැතිය එළඹෙන සතිය වන විට ලබා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත්තේ, ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද Covishield එන්නත සඳහා පමණක් බවය.
ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නතෙහි පළමු සැපයුම භූතානය, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් වෙත බෙදා හැරීම ආරම්භ අද සිට ආරම්භ කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළුව ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් යන රටවල්වලින් එන්නත සඳහා නියාමන අනුමැතිය මෙතෙක් ලබා දී නොමැති හෙයින් එය ලැබුණු පසු එන්නත් ලබා දීමට අපේක්ෂා කරන බවයි කමල් ජයසිංහ මහතා සඳහන් කළේ.
Covishield එන්නත, එංගලන්තයේදී වැඩි දියුණු කෙරුණු Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය වේ.
Discussion about this post