ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා AstraZeneca සමාගම විසින් නිපදවා තිබෙන කොවිඩ් 19 එන්නත අත්හදා බැලීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, එම පරීක්ෂණයන් සදහා සහභාගි කරගෙන තිබෙන එක්සත් රාජධානියේ පුද්ගලයෙකු, එම එන්නත එන්නත් කිරීමෙන් පසු රෝගී වීම හේතුවෙන්. කෝවිඩ් 19 වලට එරෙහිව ප්‍රථම එන්නත නිපදවූ AstraZeneca සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, එන්නත් පරීක්ෂා කිරීමේ ක්‍රියා පටිපාටියට අනුව, එම රෝගියාගේ රෝගී වීම පිළිබඳව විශ්ලේෂණය කර වාර්තාවක් ලැබෙන තෙක්, මෙලෙස එය නවත්වා දැමුණු බවයි.
ඔක්ස්ෆර්ඩ් හි පරීක්ෂකයන් හා එක්ව නිර්මාණය කල මෙම එන්නත, අනෙක් එන්නත් වලට වඩා ඉදිරියෙන් සිටී අතර, වෙළඳපලට පැමිණෙන පළමු Covid-19 එන්නත වශයෙන්ද පිළිගැනීමකට ලක්වුණා.
මෙවැනි විශාල එන්නත් අත්හදා බැලීම් වලදී එයට ප්‍රතික්‍රියා කර ඇතැම් පුද්ගලයන් රෝගී වීම සාමාන්‍ය දෙයක් බව ඇමරිකාවේ සැන් ඩියෝගෝ හි Scripps පරීක්ෂණ ආයතනයේ හෘද රෝග විශේෂඥ Eric Topol පවසනවා. ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඇතැම් විට එම රෝගී වීම හා එන්නද අතර කිසිදු සම්බන්ධයක් නැති වීමට ඉඩකඩ ඇති බවයි.
Discussion about this post