මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවට පිටින් එන්නත් කර ගැනීම සඳහා විවිධ බලපෑම් එල්ල වෙමින් ඇතැයි මෙරට කොරෝනා මර්ධන මෙහෙයුම්වල නිරත ප්‍රධාන නිලධාරියෙකු පවසනවා. ඔහු කියා සිටියේ ඒ අතරින් දේශපාලන බලපෑම් ප්‍රධාන බවයි.
ඇතැම් අමාත්‍යවරුන් සිය පවුලේ සාමාජිකයින්ට එන්නත් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇති බව ද ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියා. ඇතැම් නගරාධිපතිවරුන් ද තමන්ට හිතවත් කණ්ඩායම්වල නාමලේඛණයක් පවා සකස් කර ඔවුන්ට එන්නත් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරන තත්ත්වයට මේවනවිට පත්ව ඇති බවයි අනාවරණ කෙරුණේ. ඇතැම් පිරිස් කොළඹ ප්‍රදේශයේ අවදානම් කලාපවල පදිංචිකරුවන් බව හගවමින් එන්නත් ලබාගැනීමට උත්සහ දරන බව ද මෙම උසස් නිලධාරියා පවසා තිබෙනවා.
Discussion about this post