• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

January 19, 2021
in Main, දේශීය පුවත්
0
කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි
24
SHARES
Share on FacebookShare on Twitter

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වන රෝග ලක්ෂණ අතරට නවතම රෝග ලක්ෂණයක් මතු වී ඇතැයි වෛරස් රෝග විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම නවතම රෝග ලක්ෂණය වන්නේ, මුඛය තුළ සහ දිව මත ඝන බිබිලි හට ගැනීමය.

මෙම රෝග ලක්ෂණය ‘COVID Tongue’ ලෙස හඳුන්වා තිබේ.

කොරෝනාවෛරසය විවිධ ප්‍රභේදයන්ට වෙනස් වීමත් සමග එහි රෝග ලක්ෂණ ද වෙනස් වෙමින් පවතින බව විශේෂඥයින්ගේ මතයයි.

කිංග්ස් ලන්ඩන් කොලේජ්හි වසංගත රෝග විද්‍යාඥයෙකු වන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට කොවිඩ් ටං තත්ත්වය සහ මුඛයේ තුවාල හට ගැනීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉහළ යමින් පවතින බවය.

ඔහු ඉල්ලා සිටින්නේ, හිසරදය හෝ තෙහෙට්ටුව වැනි සුළු රෝග ලක්ෂණයක් පැවතිය ද නිවසට වී හුදෙකලාව වාසය කරන ලෙසය.

නව රෝග ලක්ෂණයක් වන දිවෙහි ඇති වන තුවාල සහ බිබිලි සතියක පමණ කාලයකට පසු සුව වන බව ද පැවසේ.

කෙසේ වෙතත්, එම රෝගී තත්ත්වය පවතින කාල සීමාව තුළ ආසාදිතයින්ට රස දැනීම සහ සුවඳ දැනීම අඩු වන බවට නිරීක්ෂණය කර තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර නව රෝග ලක්ෂණය සම්බන්ධයෙන් නිශ්චිත විශ්ලේෂණයක් කළ යුතු බව විශේෂඥයින්ගේ අදහසයි.

මෙවැනි රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇද්ද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, එවැන්නක් වාර්තා වී නොමැති බවය.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය ද සඳහන් කළේ, මෙතෙක් එවැනි රෝග ලක්ෂණ සහිත ආසාදිතයෙකු හමු වී නොමැති බවය.

කොවිඩ්-19 රෝගයට අදාළව මේ වන විට නිශ්චිතව හඳුනාගෙන ඇති රෝග ලක්ෂණ මෙසේය.

1. උණ/ ශරීර උෂ්ණත්වය ඉහළ යාම

2. වියළි කැස්ස

3. උගුරේ වේදනාව

4. නාසය බර ස්වභාවය

5. හුස්ම ගැනීමේ අපහසුතාව

6. පපුවේ වේදනාව

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: කොවිඩ් 19
Next Post
සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 46,000 ඉක්මවයි

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 46,000 ඉක්මවයි

Discussion about this post

Connect with us

Recommended

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනියි

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනියි

2 days ago
නුදුරේදීම කොළඹ ජනතාවට ඔක්සිජන් හිඟවීමක්

නුදුරේදීම කොළඹ ජනතාවට ඔක්සිජන් හිඟවීමක්

1 day ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    66 shares
    Share 26 Tweet 17
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    43 shares
    Share 17 Tweet 11
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    31 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    29 shares
    Share 12 Tweet 7
  • කොවිඩ් එන්නත් ලබාගත් දෙදෙනෙකු මියයයි

    27 shares
    Share 11 Tweet 7
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In