දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අද උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24 තුළදී නව ආසාදිතයන් 33 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
ඉන් 15 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 14 දෙනෙකු හා හම්බන්තොටින් 04 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ.
දකුණු පළාතේ මෙතෙක් හඳුනාගෙන ඇති වැඩිම ආසාදිතයන් පිරිස වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 415ක්.
මාතරින් ආසාදිතයන් 238ක් වාර්තා වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවද 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post