පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ පී. සී. ආර්. පරීක්‍ෂණ අනුව එම කාර්ය මණ්ඩලයේ සේවකයන් හතර දෙනකුගේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබෙනවා.
එහෙත් පළමු පෙළ ආසාදිතයන් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 16 දෙනකුගේ පී. සී. ආර්. ප‍්‍රතිඵල අනුව ඔවුන්ට කොවිඞ් ආසාදනය වී නැතැයි වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප්රනාන්දු මහතා සඳහන් කළා.
මේ අතර ඊයේ (15) දිනයේද පාර්ලිමේන්තු සේවකයන් 493 දෙනකුගේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකර තිබෙනවා.
ඉහත අවිනිශ්චිතතාවයක් ඇති වූ සේවකයන්ගේ පී. සී. ආර්. පරීක්‍ෂණ නැවත සිදු කිරීමට ද නියමිත බවයි නරේන්ද්‍ර ප්රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
Discussion about this post