මීට දින 4කට පෙර මිය ගිය තරුණියකට කොවිඩ් ආසාදිතව සිට ඇති බව තහවුරු වී තිබෙනවා.
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මියගොස් ඇති එම තරුණියගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අද (09දා) ලැබී තිබෙනවා.
එහි ඇගේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව, ඇදුම ,අධික රුධිර පීඩනය , මරණයට හේතු වශයෙන් දක්වා තිබේ.
Discussion about this post