ඊයේ (21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ 197 දෙනෙකි.
තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් 58 දෙනෙක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.
ඉතිරි ආසාදිතයින් 70 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් ය.
ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 85,630ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 546ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.
Discussion about this post