Cortana ජනවාරියේ සිට වැඩ නවත්වයි

Windows මෙහෙයුම් භාවිතා කරන්නෙක් නම් Cortana කියන නම අහලා පුරුදු ඇති. Cortana කියන්නේ Google Assistant, Siri, Alexa වගේ Microsoft ආයතනය විසින් නිර්මාණය කරපු එයාලගේම Voice Assistant එකක්.

Cortana අවුරුදු 4ක් පමණ Android හා IOS දෘඨාංග වලට සහය දැක්වූවත්, ලබන ජනවාරියේ සිට Cortana, Android හා IOS දුරකථන මෙහෙයුම් පද්ධති වලට සහය නොදක්වන බව Microsoft ආයතනය විසින් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. එම නිවේදනයට අනුව සමහරක් රටවල් වලට පමණක් දැනට මෙය ආදාල වන බවත් ඒ අනුව කැනඩාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය (United Kingdom) යන රටවල් වල තුල Cortana ජනවාරියෙන් පසු වැඩ නොකරන බවත් වැඩිදුරටත් පවසා සිටියා. ‍අනිකුත් රටවල් පිලිබද නිවේදනයේ සදහන් නොවූවත් ඉදිරි මාස කිහිපය තුල එම රටවල් තුලත් Cortana සේවාව වැඩ නොකරන බව අපිට හිතන්නට පුලුවන්.

Windows phone 8.1 features. Photo: Josh Valcarcel/WIRED

කෙසේ හෝ ඔබ මීට කලින් Cortana mobile app එක පාවිච්චි කල අයෙකු නම්, ඔබගේ list සහ reminders ජනවාරියෙන් පසු mobile app එක හරහා භාවිතා කිරීමට බැරි වනු ඇත. ඒවා ඔබගේ Microsoft ගිණුමේ ඇති To Do App එකට sync වෙනු ඇත. ‍

බොහෝ පරිශිලකයින්ගේ අදහස නම් Google Voice Assistant, Siri හා Alexa වැනි සේවාවන් සමග Cortana හට හොද තරගයක් ලබා දීමට අපහසු නිසා Microsoft ආයතනය විසින් මෙම තීරණය ගන්නට ඇති බවයි. කෙසේ හෝ ‍2014 Windows 8.1 දුරකථනයත් සමග ආරම්භ වූ Cortana mobile assistant සේවාව 2020 වර්ෂයේ සිට තම සේවාවන් නවතා දැමීමට තීරණය කොට අවසන්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: