• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

නුදුරේදීම කොළඹ ජනතාවට ඔක්සිජන් හිඟවීමක්

March 4, 2021
in දේශීය පුවත්
0
නුදුරේදීම කොළඹ ජනතාවට ඔක්සිජන් හිඟවීමක්
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

එසේ වුවද  එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා කොළඹ මහනගර සභාවේ නිලධාරිහු පවසති.

එහෙත් ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණ දීමට සිදුවන බව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු  නිලධාරින්ගේ  ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළීදරව් කරනු ලැබීය.

 කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය.

මෙහිදී  කොළඹ නගරාධීපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් කොළඹ මහ නගර සභාව සකස් කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දෙනු ලැබුවාය.

එමෙන්ම කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවත්, එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍ර දේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහය ලබා දෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය ඉල්ලීමක් කළාය.

මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ නගරය තුළ පවතින ශබ්ද දූෂණය, වායු දුෂණය  ඇතුලු සමස්ත පරිසර දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය වශයෙන් දිය හැකි සියලු සහයෝගය ලබා දෙන බව පැවැසීය.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
මගීන් 231කගේ ජීවිත 99න් බේරුනු ගුවන් අනතුර (Video)

මගීන් 231කගේ ජීවිත 99න් බේරුනු ගුවන් අනතුර (Video)

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In