මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 34ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 2618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 1720කි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 655 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 243 දෙනෙකු ද වාර්තා වී ඇත.
අද (12) පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 34 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 15 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 07 ක් ලෙසිනි.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ.
ඒ ආසාදිතයින් 355කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 268කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 70කි.
Discussion about this post