බ්‍රසීල ජනාධිපති, Jair Bolsonaro හට කොරෝනා වැළඳී ඇති බවට මීට ටික වෙලාවකට පෙර බ්‍රසීලය විසින් තහවුරු කර තිබෙනවා.
පසුගියදා පැවැත්වූ ඇමරිකානු නිදහස් දිනය වෙනුවෙන් පැවති උත්සවයට ඔහු සහභාගී වී ඇති අතර, ඔහු සමඟ ඒ උත්සවයේ සිටි ඇමරිකානු තානාපති Todd Chapman මුහුණු ආවරණයක් පැළඳී නොසිටි බවයි තවදුරටත් දැක්වෙන්නේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, බ්‍රසීල ජනපති බොල්සොනාරෝද, කොරෝනා යනු මාධ්‍ය විසින් උලුප්පා පෙන්වනු ලබන දෙයක් මිසක, එතරම් අවධානයකට ගත යුත්තක් නොවන බව පවසා සිටි අයෙක්.
කොවිඩ්-19 සඳහා ප්‍රතිකාරයක් නොවන බව සෞඛ්‍ය අංශ මගින් පැවසුවද, 65 හැවිරිදි බොල්සොනාරෝ පසුගිය දිනක පවසා සිටියේ තමන් hydroxychloroquine(හයිඩ්‍රොක්සික්ලෝරොකීන්) ලබාගන්නා බවයි. ට්‍රම්ප් මෙන්ම ඔහුද එම ඖෂධය කොරෝනා වෛරසයට එරෙහි ප්‍රථිකාරයක් බව දිගින් දිගටම අවධාරණය කර තිබුනා.
මේ ලිපිය ලියන වන විට ලොවපුරා කොවිඩ් ආසාධිතයන් මිලියන 11.6ක් සිටින අතර, මරණ 539,000ක් සිදුව තිබෙනවා.
Discussion about this post