කලකට පෙර දුරකථන ලෝකයේ නම ඉහළින්ම රන්දාගෙන සිටි බ්ලැක්බෙරි සමාගම දැන් වෙනකොට වැඩි කතා බහක් වෙන්නේම නැති සමාගමක් බවට පත්වෙලා. වෙනදා නම් බොහෝ දෙනෙක් බ්ලැක්බෙරි කිව්වම “අම්මෝ බ්ලැක්බෙරියක්ද” කියන වචනේ කටින් පිට නොවෙනවනම් ඔහු හෝ ඇය දුරකථන ගැන නොදන්නා කෙනෙක් වෙන්නට ඕන. නමුත් තවමත් බ්ලැක්බෙරි නාමයට සහ ඒ පැමිණි දුරකථනවලට ආදරේ කරන පිරිසක් ඉන්නවා(මමත් ඇතුලුව).
නමුත් කාලය ගතවීමත් සමග බ්ලැක්බෙරි නාමයට තිබූ තැන නැතිවී තිබෙනවා. ඔවුන්ට අනෙක් සමාගම් එක්ක දුරකථන වලින් කරට කර එන්නට හැකියාවක් නැතිවුනේ ඇන්ඩ්‍රොයිඩ් වල ආගමනය එක්ක. සියලුම දුරකථන නිෂ්පාදකයන් පාහේ(ඇපල් හැර) Java, Symbian, Windows වැනි මෙහෙයුම් පද්ධති අතහැර ඇන්ඩ්‍රොයිඩ් වෙතට මාරුවුනා. නමුත් බ්ලැක්බෙරි සමාගම දිගටම ඔවුන්ගේ BlackBerry OS සහිතව දුරකථන නිෂ්පාදනය කර වෙළඳපලට නිකුත්කලා.

නමුත් එය සාර්ථක නොවන බව ඔවුන්ට වැටහීමත් සමඟ Blackberry OS 10 සමඟ ස්පර්ෂ සංවේදි සහ ලොකු තිරයක් සහිත දුරකථන වෙළඳපලට නිකුත් කලා. ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතියේ 10 වැනි සංස්කරණය ස්පර්ෂ සංවේදී තිරයක් සහිත දුරකථන සඳහාම වෙනස් කර අලුත් අංග එක්ක නිපදවා තිබුනට, ඇන්ඩ්‍රොයිඩ් ඒ වන විට බොහෝ දුරක් පැමිණ අවසන්. එමෙන්ම බ්ලැක්බෙරි දුරකථනවලට සාපේක්ෂව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මිළ අඩුවී තිබීම පාරිභෝගිකයන් තවදුරටත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මිළදී ගැනීමටම පෙළඹෙව්වා.
මෙසේ ස්පර්ෂ සංවේදී තිර සහිතව විවිධ වෙනස්කම් සහිතව දුරකථන මාදිලි ගණනාවක්ම බ්ලැක්බෙරි සමාගම නිකුත් කලා. නමුත් ඒවාද එතරම් සාර්ථක වුනේ නෑ. පසුව ඔවුන් ටික කලක් නිහඬ වුනා. ඉන් මාස කීපයකට පසු අන්තර්ජාලය කළඹවිම් ආරංචියක් ආවා බ්ලැක්බෙරි සමාගමෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් එන බවට.
මාස ගණනාවක් වවිධාකාරයේ ඡායාරූප සහ අරංචි ආවා මේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ගැන. බොහෝ දෙනා මේ පිළිබඳව බලාපොරෝතතු තබාගෙන සිටියේ බ්ලැක්බෙරි නාමයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් පැමිණීම යනු සිහිනයක් සැබෑ වීමක් වගේ වීම නිසයි.

කෙසේ හෝ ආරංචිවලට නිමාවක් තබමින් 2015 ඔක්තෝබර් මසදී Blackberry Priv දුරකථනය සමාගම නිළ වශයෙන් නිවේදනය කලා. තිබෙන සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල පෙනුම සහමුලින්ම වෙනස්කරමින් “රාජකීය බ්ලැක්බෙරි යතුරු පුවරුද” දුරකථනයට ඇතුලත් කරමින් ආපු ප්‍රිව් ස්මාට්ෆෝනය නම් කා අතරත් වේගයෙන් ජනප්‍රිය වුනා.
බ්ලැක්බෙරි සමාගම එදා පටන්ම ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතියේ සහ දුරකථනයේ දත්තවල ආරක්ෂාව ගැන ජනප්‍රියව සිටි සමාගමක්. ඇමරිකාවේ ජනාධිපතිවරුන්ද(බැරැක් ඔබාමා ඇතුලුව) මෑතක් වෙනකල්ම බ්ලැක්බෙරි දුරකථන භාවිතා කරන්නට හේතුව වූයේත් ඒක.
ප්‍රිව් දුරකථනය ජනප්‍රිය වන්නට හේතුව වුනෙත්, බ්ලැක්බෙරි සමාගම දුරකථනය ප්‍රචාරණය සඳහා යොදාගත් මූලිකම අංගය වූයේත් දුරකථනයේ ආරක්ෂාව. බ්ලැක්බෙරි සමාගම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තවත් මානයකට ගනිමින් ඇන්ඩ්‍රොයිඩ් හි තිබෙන ආරක්ෂක සිදුරු ආදිය නැතිකර “බ්ලැක්බෙරි ආරක්ෂාව” ප්‍රිව් සඳහාද යොදනු ලැබුවා. මිළ නම් අනෙක් ඇන්ඩ්‍රොයිඩ් “සුපිරි” දුරකථනවලට වඩා ටිකක් වැඩි වුනා. ඇමරිකානු ඩොලර් 750ක්. එනම් ලංකාවේ මුදලින් එක්ලක්ෂ එකලොස් දහසක්. වසරකට වඩා ගතවී තිබුනත් තවමත් මේ දුරකථනය විකිනෙන්නේ ඩොලර් 400කට ආසන්න ගණනකට. ලංකාවේ මුදලින් රුපියල් හැටදහසකට පමණ.
[wpdevart_youtube]3d0bqe2Z7pI[/wpdevart_youtube]
දුරකථනය පිළිබඳව කිසිවෙකු චෝදනා ඉදිරිපත් කලේ නෑ. අඩුපාඩුවක් නැති තරම්ම ඔවුන් එය නිපදවා තිබුනා. නමුත් එකම ගැටලුව වූයේ, සමාගම පරක්කු වැඩි වීමයි. ඇන්ඩ්‍රොයිඩ් වලට පැමිණි අනෙක් සමාගම් බ්ලැක්බෙරි සමාගම ඇන්ඩ්‍රොයිඩ් වලට අත ගසන විට යොදුන් ගණනක් දුර ගිහින් අවසන්. ප්‍රිව් සමඟම සමාගම නිහඬව ගියා. ඉන්පසු දැනුම් දුන්නේ තවත් දුරකථන නිෂ්පාදනය නොකරන බවයි.
වසරක කාලයකට පසුව බ්ලැක්බෙරි නාමයෙන් DTEK50 නැමති දුරකථනයක් පිටවුනා. බොහෝ දෙනාට ගැටලුවක් වුනා බ්ලැක්බෙරි දුරකථන නිපදවන්නේ නැත්නම් මේ මොකක්ද සිද්දවෙන්නෙ කියලා. මීට වසරකට පෙර අපි ඔබට කියූ පරිදිම දැන් බ්ලැක්බෙරි සමාගමේ දෘඩාංග පිළිබඳ දෙපාර්තමේන්තුව නෑ. ඇත්තටම එයට හේතුව වන්නේ මේ වන විට සමාගම තම මෙහෙයුම් වෙනස්ම ආකාරයකට සිදුකරගෙන යන නිසා. ඇත්තටම මෙය බ්ලැක්බෙරි සමාගම විසින් නිර්මාණය කරන ලද ඒවා නෙවෙයි. DTEK50 සහ DTEK60 දුරකථන දෙකම නිපදවන්නේ TCL සමාගම යටතේ තිබෙන Alcatel සමාගමයි. මේ දුරකථන දෙකම භෞතික යතුරු පුවරුවක් රහිතවයි තිබෙන්නේ.

සිද්දවන්නේ මෙසේය. බ්ලැක්බෙරි සමාගම තම “නාමය බදු දීම”ක් වැනි දෙයක් සිද්ද කරන්නේ. ඇල්කාටෙල් සමාඟම බ්ලැක්බෙරි සමාගමට මුදල් ගෙවා අවසර ගෙන, ඔවුන්ගේ අනුමැතිය යටතේ දුරකථන නිකුත් කරනවා. මෙමඟින් අදාල සමාගමට බ්ලැක්බෙරි නාමය සහ අදාල මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන දුරකථනවලට යොදාගන්නට පුලුවන්.
බ්ලැක්බෙරි සමාගමේ අලුත්ම ව්‍යාපාරික ක්‍රමය මෙය බව පසුගිය සැප්තැම්බරයේ ලෝකයාට පැවසුවා. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ජෝන් චෙන් අලුත් ආරංචියක් බ්ලැක්බෙරි රසිකයන්ට කියලා තියෙනවා. ඒ, භෞතික යතුරු පුවරුවක් එක්ක අලුත් බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයක් වෙළඳපලට එන්නට නිමයිතයි කියලා. මෙයත් බ්ලැක්බෙරි සමාගම නිර්මාණය කරන එකක් නම් නෙවෙයි. වෙනත් සමාගමක් නිර්මාණය කරන එකක්. කෙසේ නමුත් බ්ලැක්බෙරි රසිකයන්ට නම් මෙය හොඳ ආරංචියක්.

Discussion about this post